Artsathon 2020 - Sinhala

Special Note | විශේෂ සටහන

Due to the current Covid19 situation, the next Artsathon will be held in Colombo. It will be delivered in Sinhala and English. 
As and when information on dates and location is confirmed, it will be shared with prospective participants who register for the event. 

පවතින කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන්, මීළඟ ආර්ට්සතොන් වැඩසටහන කොළඹදී පැවැත්වෙනු ඇති අතර එය සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙකෙන්ම ඉදිරිපත් කරනුු බව කාරුණිකව දැනුම් දෙමු.
වැඩසටහනට අදාළ දිනයන් සහ එය පැවැත්වීමට අපේක්ෂිත ස්ථානය පිලිබඳ තොරතුරු තහවුරු කරගත් පසු, වැඩසටහන සඳහා ලියාපදිංචි වූ, සුදුසු සහභාගීවන්නන් සමගින් එම තොරතුරු ඉදිරියේදී හුවමාරු කරගැනෙනු ඇත.

What is Artsathon? | ආර්ට්සතොන් යනු කුමක්ද?

An Artsathon is a sprint-speed collaborative event in which arts professionals with a range of areas of expertise come together, share ideas, and generate collaborative project designs.

ආර්ට්සතොන් යනු විවිධ වූ ක්ෂේත්‍ර පරාසයක ප්‍රවීණතාවන් දක්වන කලා වෘත්තීකයන් එක්ව, අදහස් හුවමාරු කරගනිමින් සහයෝගී ව්‍යාපෘති සැලසුම් නිර්මාණය කිරීම සිදුකරන වේගවත්, කෙටිකාලීන, සහයෝගී වැඩසටහනකි.

Who can join? | මේ සඳහා සහභාගී විය හැක්කේ කවුරුන් හටද?

This event is open to all arts professionals working in or who want to work in the field of arts for reconciliation.

සංහිඳියාව යන ක්ෂේත්‍රයට අදාළව කලා කටයුතු සිදුකරන හෝ කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන සියලුම කලා වෘත්තීකයන් හට මෙම වැඩසටහන විවෘත වේ. 

What happens? | මෙහිදී සිදුවන්නේ කුමක්ද?

You will spend four days working with fellow arts professionals to explore issues in arts for reconciliation, how to evaluate the social impact of arts, and building conflict-sensitive approaches and principle of ‘do no harm’ into your work. 

සංහිඳියාව උදෙසා කලාව යන සංකල්පය තුළ පවතින ගැටලු පිළිබඳව ගවේෂණය කරමින් අනෙක් කලා වෘත්තීකයන් සමඟ දින හතරක් පුරාවට ඔබ කටයුතු කරනු ඇත. මෙහිදී කලාවේ සාමාජීය බලපෑම අගයන්නේ කෙසේද යන්න පිළිබඳ ව මෙන්ම ගැටුම් සංවේදී ප්‍රවේශයන් සහ "හානි කිරීමෙන් වැළකෙමු" යන මූලධර්මය ඔබගේ නිර්මාණයන් තුළ අන්තර්ගත කරගන්නේ කෙසේද යන්න පිළිබඳ ව හැදෑරීමට ඔබ  හට අවකාශය සැලසෙනු ඇත. 

How to register? | ලියාපදිංචි වන්නේ කෙසේද?

Participation in the event is free and registration slots for this event are allocated on a first-come, first-served basis for applicants who meet the criteria.  

මෙම වැඩසටහන සඳහා කිසිදු මුදලක් අය නොකරන අතර මෙහි ලියාපදිංචි වීමේ අවස්ථාවන් පළමුව පැමිණෙන පුද්ගලයන්ට පළමු අවස්ථාව යන සංකල්පය යටතේ, අදාළ නිර්ණායකයන් සපුරනු ලබන අයදුම්කරුවන්ට හිමිවනු ඇත. 

Deadline for registration: 31 January 2021
ලියාපදිංචිවීම  සඳහා අවසන් දිනය: 2021 ජනවාරි 31

 

Please note that the dates of this event may be subject to change based on official guidelines relating to COVID-19. 
මෙම වැඩසටහනට අදාළ දිනයන් කොවිඩ් - 19 ට අදාළ රජයේ මාර්ගෝපදේශයන් මත වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.