ප්‍රතිපත්ති සහ රෙගුලාසි
- English Courses for Kids and Teens (4-17 years) SI
- වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා
- ළමුන් සහ තරුණ තරුණියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා (අවුරුදු 6 - 17)
- වැඩිහිටි ඉංග්‍රීසි පාඨමාලා (18+)
- IELTS සඳහා සූදානම් කිරීමේ පාඨමාලා
- අන්තර්ජාලයෙන් වගේම ජංගම දුරකථනයෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න
- ආයතනික ඉංග්‍රීසි විසඳුම්
- ඉංග්‍රීසි භාෂා ඉගෙනීම සඳහා වූ අපගේ මධ්‍යස්ථාන
- ඉංග්‍රීසි පාඨමාලා සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?
- ඉංග්‍රීසි ඉගෙනීමට ඔබ බ්‍රිටිෂ් කවුන්සිලය තෝරාගත්තේ ඇයි?
- ප්‍රතිපත්ති සහ රෙගුලාසි
චර්යා ප්‍රතිපත්තිය
සියලු සිසු සිසුවියන් බ්‍රිටිෂ් කවුන්සිලයේ සාමාජිකයින්ටත් කාර්ය මණ්ඩලයටත් ගෞරවපුර්වක වන අතර සියලු දේපල නිසි ලෙස පරිහරණය කරන බවටත් අපේක්ෂා කරන්නෙමු.
මෙම චර්යා ප්‍රතිපත්තිය, නොමනා හැසිරීම් රටා හඳුන්වන අතර, සැමවිටම මනා හැසිරීම් රටාවක් පවත්වා ගැනීම දිරි ගැන්වීමට ගත යුතු පියවර පිළිබඳව පැහැදිලි කරයි.
නොමනා හැසිරීම් වර්ග දෙකකි. එනම් නුසුදුසු, මෙන්ම පිළිගත නොහැකි යන්න වේ.
නුසුදුසු හැසිරීම්වලට උදාහරණ | පිළිගත නොහැකි හැසිරීම් වලට උදාහරණ |
ප්‍රමාද වී පන්තියට පැමිණීම | ආරවුල් ඇති කරගැනීම |
නිවසේදී කිරීමට ලබාදෙන වැඩ කටයුතු නොසලකා හැරීම | අන් අයට හිරිහැර කිරීම |
මව් භාෂාව භාවිත කරමින් පන්ති කාමරය තුළ අධික ලෙස කතා කිරීම | පන්තියේ වැඩ කටයුතුවලට බාධා පැමිණවීම. |
පන්ති කාමරය තුළ ආහාර/බීම වර්ග ලබාගැනීම | අනිත් අයට අගෞරවයක් වන සේ ක්‍රියා කිරීම |
පන්ති කාමරය තුළ ජංගම දුරකථනයක් භාවිත කිරීම | අන් අයගේ දේපලවලට හානි කිරීම |
මෙවැනි නොමනා හැසිරීම් නිරීක්ෂනය වේ නම් අදාළ සිසුන් සමග ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමටත්, ඔවුන් හට ආයතනයේ හැසිරීම් රටාව පිළිබඳව දැනුවත් කිරීමටත් අවශ්‍ය වේ නම්, පහත දැක්වෙන ක්‍රියාමාර්ග වෙත යොමුවීමටත් ගුරුවරුන්ට හැකියාව ඇත.
- දෙමාපියන් දරුවාගේ ක්‍රියා කලාපය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔවුන් කැඳවන්න
- අදාළ පුද්ගලයා බ්‍රිටිෂ් කවුන්සිලයේ කළමණාකරු සමග විධිමත් සාකච්ඡවක් සඳහා යොමුකරන්න
- අනතුරු ඇඟවීම් නිකුත් කිරීම
- බැරෑරුම් අවස්ථාවන්හිදී, අදාළ සිසුන් හට බ්‍රිටිෂ් කවුන්සිලයෙන් ඉවත්ව යාමට සිදු වනු ඇත.
බ්‍රිටිෂ් කවුන්සිලයේ ධනාත්මක හා ගෞරවනීය ඉගෙනුම් රටාව සහ ධනාත්මක වාතාවරණය සඳහා අප සියලු දෙනා වගකිව යුතුය.
හිංසන විරෝධී සහ චර්යාත්මක ප්‍රතිපත්ති
බ්‍රිතාන්‍ය කවුන්සිලය එහි සේවයේ යෙදෙන සැමට ඉතා ගෞරව පුර්වක වන අතරම සැමගේ මානසික සුවය පවත්වා ගැනීමේ අරමුණෙන් වෙහෙස වී සිය කාර්යයන් ඉටු කරයි.
මේ ඔබ වෙනුවෙන් අපේ කැප වීමයි.
- අපි ඔබට සවන් දෙනවා.
- අපගේ කාර්ය මණ්ඩලයේ සැවොම ඔබගේ කාර්යය පිළිබඳව ඉතා සැලකිලිමත් වන අතර සියලු දෙනා පද්ධති සහ ක්‍රියා පටිපාටි අනුගමනය කරන බවට අපි සහතික කරමු.
- සුරක්ෂිතව සිටීමේ ඇති වැදගත්කම ගැන විශ්වාසදායක උපදෙස් ලබා දීමට අප කටයුතු කරනවා.
- සෑම කෙනෙකුටම ආරක්ෂිත බවක් දැනීමේ අයිතිවාසිකමක් ඇති බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.
බ්‍රිටිෂ් කවුන්සිලය සෑම කෙනෙකුටම ආරක්ෂිත ස්ථානයක් බවට සහතික කිරීම සඳහා බ්‍රිටිෂ් කවුන්සිලය, නොමනා හැසිරීම් හෙළා දකින අතර, ගැටලු වලක්වා ගැනීමට හා ඒවාට විසඳුම් සෙවීමට අවැසි ප්‍රතිපත්ති සහ වැඩපිලිවෙත් අනුගමනය කරයි.
මෙය බ්‍රිටිෂ් කවුන්සිලය විසින් ඉදිරිපත් කල හිංසනය සහ චර්යාත්මක ප්‍රතිපත්ති පිළිබඳව නිවේදනයේ සාරාංශයකි. අපගේ ප්රතිපත්තිවල සම්පූර්ණ පිටපත හා උපකාරක මාර්ගයන් සඳහා, කරුණාකර පාරිභෝගික සේවාව අමතන්න.
ප්‍රතිපත්ති පරමාර්ථ
හිරිහැර කිරීම්, චර්යාත්මක නීති රීති සහ නුසුදුසු හැසිරීම් වැලැක්වීම සඳහා බ්‍රිටිෂ් කවුන්සිලය මගින් ගන්නා ක්‍රියාමාර්ගය මෙහි සඳහන් වන අතර සමස්ත ප්‍රජාවගේ මැදිහත් වීමෙන් මෙම ප්‍රතිපත්ති සකස් කර ඇත.
හිරිහැර කිරීම / නුසුදුසු හැසිරීම යනු කුමක්ද?
හිරිහැර කිරීම යනු "පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක හැසිරීම, මගින් දැනුවත්ව හෝ නොදැනුවත්ව තවත් පුද්ගලයෙකු/පිරිසකගේ, ශාරීරික/මානසික විධිමත් බවට බාධාවක් වීමයි."
නුසුදුසු හැසිරීම යනු "අහිතකර, හානිකර හෝ විනාශකාරී හැසිරීමකි."
තවත් අයෙකුට හිරිහැර කිරීමට / නොමනා ලෙස හැසිරීමට ඕනෑම අයෙකුට හැකියාවක් ඇති අතර,
හිරිහැර කිරීම / නුසුදුසු හැසිරීම් වල ගොදුරක් වීමටද ඕනෑම අයෙකුට ඉඩ ඇත.
වැළැක්වීම
අපේ කාර්යභාරය
ඕනෑම පුද්ගලයකුගේ හැසිරීම් අන් අයගේ හැසිරීම්වලට බලපායි. එබැවින්, මධ්‍යස්ථ ප්‍රජාවේ සිටින සෑම දෙනාම ගෞරවනීය හා ආචාරශීලී ලෙස හැසිරෙන ලෙස අපි බලාපොරොත්තු වන්නෙමු. මනා හැසිරීම වර්ධනය කිරීමෙහිලා අපි ක්‍රියාත්මක වන්නෙමු.
වාර්තා කිරීම / දැනුම් දීම
වාර්තාගත ඕනෑම සිදුවීමක් පිළිබඳව තොරතුරු ඉතා සැලකිලිමත්ව සොයා බලනු ලැබේ.
මෙවැනි අවස්ථාවන්හිදී ගත යුතු තීරණ අසාධාරණයට ලක්වූවන්ට හානි නොවන ආකාරයෙන් ඉතා සාධාරණව ක්‍රියාත්මක වේ.
- සුළු සුළු ගැටලු විසඳීමට ජ්‍යේෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයෙක්ගේ උපදෙස් හා සහාය ඔබට ලැබේ.
- බරපතළ සිදුවීම්වලදී, මෙම කාර්යය ඉටුවන්නේ කාර්ය මණ්ඩලය හරහායි
- දරුවන් සම්බන්ධ බරපතළ සිදුවීම්වලදී, දෙමාපියන් දැනුවත් කරන අතර එම ගැටලුව සාකච්ඡා කිරීමට රැස්වීමක් කැඳවීම සිදුවේ.
- අවශ්‍ය අවස්ථාවලදී පොලීස් සහය පැතීමටද සිදුවෙනු ඇත
ප්‍රතිඵල
චෝදනාවන් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති පුද්ගලයන් වෙත, ප්‍රතිචාර සෑම විටම ලබා දෙනු ඇත.
- English Courses for Kids and Teens (4-17 years) SI
- වැඩිහිටියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා
- ළමුන් සහ තරුණ තරුණියන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා (අවුරුදු 6 - 17)
- වැඩිහිටි ඉංග්‍රීසි පාඨමාලා (18+)
- IELTS සඳහා සූදානම් කිරීමේ පාඨමාලා
- අන්තර්ජාලයෙන් වගේම ජංගම දුරකථනයෙනුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න
- ආයතනික ඉංග්‍රීසි විසඳුම්
- ඉංග්‍රීසි භාෂා ඉගෙනීම සඳහා වූ අපගේ මධ්‍යස්ථාන
- ඉංග්‍රීසි පාඨමාලා සඳහා ලියාපදිංචි වන්නේ කෙසේද?
- ඉංග්‍රීසි ඉගෙනීමට ඔබ බ්‍රිටිෂ් කවුන්සිලය තෝරාගත්තේ ඇයි?
- ප්‍රතිපත්ති සහ රෙගුලාසි