ඔරායන් සිටි තොරතුරු තාක්ෂණික උද්‍යානයේ නව සංකල්පයක් ලෙස බලශක්ති, අදහස් සහ ජනතාව ත්‍රෛපාර්ශවික සහයෝගීතාවයක් එකට එක්ව ගෙන එන ලදී. Orion Development, බ්‍රිටිෂ් කවුන්සිලය, Coffee Bean හා Tea Leaf යන ආයතන ඒකාබද්ධව, ඔරායන් සිටි තොරතුරු තාක්ෂණික උද්‍යානයේ සාමාජිකයන්හට මෙන්ම ආගන්තුකයන්ටද ඉඩ පහසුකම් ලබාදෙන ලදී.
බ්‍රිටිෂ් කවුන්සිලයේ පුස්තකාල සාමාජිකයකු වී විද්‍යුත්-සඟරා සහ විද්‍යුත් පොත්, පොත් / CD / DVD තාවකාලික පරිහරණය සඳහා ලබාගන්න. එසේම පුස්තකාලයේ ඇති ඕනෑම පරිගණකයකින් අන්තර්ජාල පහසුකම් ලබාගැනීමටද අවස්ථාව හිමිවේ. සාමාජිකත්වය හිමි ඔබට සාකච්ඡා සහ වැඩමුළුවලට සහභාගී වීමටද අවස්ථාව උදාවේ.
අපගේ ආකර්ෂණීය පුස්තකාලයට පිවිසෙන්න.
- පුළුල් පරාසයක විහිදුණු දැනුම් එකතුවක් සහ Online සම්පත් සමූහය
- විවිධ විෂයයන් ආවරණය කරන නවතම පොත්
- ඉංග්‍රීසි භාෂාව වැඩිදියුණු කිරීමට සහ විවිධ වූ විභාග ගණනාවක් සඳහාම ඔබව සූදානම් කරයි.
- Playing Station 4 වෙත පිවිසීමේ ක්‍රීඩා කලාපය
- විශේෂයෙන් සැලසුම් කළ වැඩමුළු සහ උත්සව.
අපගේ පුස්තකාල එකතුවට ප්‍රවේශ වන්න.
ලියාපදිංචි වූ පසු, ඔබේ username සහ Password භාවිතයෙන් ඔබගේ පුස්තකාල එකතුවට පිවිසිය හැකිය. ඔබට හිමිවන තවත් දේ
- පොත් වෙන්කිරීම සිදු කරනු ලබන්නේ විද්‍යුත් තැපැල් මාර්ගයෙන් පමණි.
- ඔබ තාවකාලික පරිහරණය සඳහා ලබාගත් පුස්තකාල පොත්පත් බලා නිකුත් වූ නව පොත්පත් පිළිබඳව සොයා බලන්න.
- අවශ්‍ය පොත්පත් පුස්තකාලයේ තිබේද යන්න සහ අනෙකුත් දේ පිළිබඳවද අන්තර්ජාලය ඔස්සේ තොරතුරු ලබාගන්න.