©

British Council

වයස අවුරුදු 6 සිට 17 දක්වා වූ ළමුන් සහ නව යෞවනයින් සඳහා වන ඉංග්‍රීසි භාෂා ඇගයීම් සහ පරීක්ෂණ

We know you want to follow your child’s progress in English. Our continual language assessment and testing gives a clear picture of their strengths, weaknesses and future learning goals.

සිසුනට ඔවුන් හොඳින් ඉටු කරන වැඩ මෙන්ම අනාගතයේ දී ඔවුන් වැඩිදියුණු කරගත යුතු දේවල් හඳුනා ගැනීමටත් ගුරුවරු සිසුනට උපකාර කරති. මෙයට පදනම් වන්නේ ඔවුන්ගේ භාෂා ඇගයීම්, කුසලතා සහ පංතිකාමර කාර්යසාධනය යි.

දැනුවත් වන ආකාරය සහ සම්බන්ධ වී සිටින ආකාරය

ඔබේ දරුවාගේ ප්‍රගතිය සම්බන්ධයෙන් ඔබ යාවත්කාලීනව සිටීම අපට ඉතා වැදගත් වේ. ඔබට සම්බන්ධ විය හැකි ආකාරය පහත දක්වා තිබේ.

  • ලර්නින් හබ් එකෙහි සාකච්ඡා සංසදයෙහි ඇති පාඩම් අරමුණු සොයා ගන්න. [කරුණාකර ඔබේ රටට අදාළ පාඨමාලා ගැලපුම් සිදු කර ගන්න]
  • ලර්නින් හබ් එකෙහි ප්‍රගති ඩෑෂ්බෝඩය හරහා, ඔබේ දරුවා ඉගෙන ගන්නා ආකාරය නිරීක්ෂණය කරන්න.
  • එක් එක් මොඩියුලය අවසානයේ ඇති ඔබේ දරුවාගේ ස්වයං-ඇගයීම කියවන්න.
  • වාර්තා ලබා ගෙන ඔබේ දරුවාගේ සාර්ථකත්වයන් සමරන්න.
  • එක් එක් වාරය අවසානයේ පැවැත්වෙන දෙමාපිය සන්ධ්‍යාවන්වලට සහභාගී වන්න. [කරුණාකර ඔබේ රටට අදාළ පාඨමාලා ගැලපුම් සිදු කර ගන්න]

ආත්ම විශ්වාසය සහිත ඉංග්‍රීසි කථිකයන් ගොඩනැඟීම

අපගේ ඉංග්‍රීසි භාෂා ඇගයීම් සහ පරීක්ෂණ ළමුනට භාෂාව පිළිබඳව මනාව දැනුවත් වීමටත්, මනා ආත්ම විශ්වාසයක් සහිත ඉංග්‍රීසි කථිකයන් බවට පත් වීමටත්, වඩාත් හොඳ ඉගෙනගන්නන් බවට පත් වීමටත් උපකාරී වේ. 

එය ක්‍රියා කරන ආකාරය පහත දැක්වේ:

හැඩගැස්වීමේ ඇගයීම්

සාරාංශගත ඇගයීම් (CEFR-සම්බන්ධිත ගුරු ඇගයීම්)

ගුරුවරු විසින් ස්වයං- සහ සම වයස් කාණ්ඩ අතර ඇගයීම් තුළින් සහ අදහස් හුවමාරුව සහිත ඇගයීම් චක්‍රයකින් අඛණ්ඩව ළමුන් පංතියේ අරමුණුවල නිරත කරවයි (අරමුණු ගොඩනැගීම > අදහස් හුවමාරුව >සැලසුම් කිරීම) සිසුනට සහ දෙමාපියනට ප්‍රගතිය ප්‍රදර්ශනය කරනු පිණිස ගුරුවරු එක් එක් සඟරාවෙහි ව්‍යාපෘති කොටස සාක්ෂි මූලාශ්‍රයක් ලෙස භාවිතා කරති.

අපගේ ශිෂ්‍ය වාර්තා ක්‍රියා කරන ආකාරය

ගුරු වාර්තාවල ඔබේ දරුවාගේ කාර්යසාධනය සහ ප්‍රගතිය පිළිබඳ යාවත්කාල ඇතුළත් වේ. අපගේ ප්‍රධාන ඇගයීම් නිර්ණායක මේවා යි.

කථන කුසලතා උච්චාරණය, වචන මාලාව, ආත්ම විශ්වාසය සහ උත්සාහය දෙස බලා අපි සිසුන්ගේ කථන කුසලතා ඇගයීම් කරමු.
ලිවීමේ කුසලතා ඉංග්‍රීසි භාෂා සිසුන්ගේ ලිවීම් හැකියාව ඇගයීම යන්නෙන් අදහස් වනුයේ ඔවුන්ගේ අක්ෂර වින්‍යාසය සහ වචන මාලාව පරීක්ෂා කිරීම යි. ඔවුන් සිය පරිකල්පනයන් සංවිධානය කර ගන්නා ආකාරය සහ පණිවිඩ කෙතරම් හොඳින් සන්නිවේදනය කරන්නේ ද යන්නත් අපි සමාලෝචනය කරමු.
ස්වාධීන ඉගෙනීම සහ ගෙදර වැඩ  නිවසේ දී සිදු කරන ස්වයං අධ්‍යයනයන් සිසුන්ගේ ප්‍රගතිය කෙරෙහි ඉතා වැදගත් වේ. අපි මෙය පරීක්ෂා කරනුයේ සම්පූර්ණ කරන ලද ගෙදර වැඩ, ඉදිරිපත් කරන ලද ගෙදර වැඩවල ප්‍රමිතිය, සහ ලර්නින් හබ් එක හරහා සම්පූර්ණ කරන ලද කාර්යයන් දෙස බැලීමෙනි.
ව්‍යාකරණ අපගේ ඉගෙනුම් සඟරාවල සිසුන්ගේ ව්‍යාකරණ කුසලතා සංවර්ධනයට සහ නිවරදි ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිතා කිරීමට උපකාරී වන කාර්යයන් ඇතුළත් වේ. පාඨමාලා කාලය තුළ දී සම්පූර්ණ කරනු ලබන අභ්‍යාස තුළින් අපි ව්‍යාකරණ පරීක්ෂා කරමු.
වචන මාලාව එක් එක් පංතියේ දී ගුරුවරුන් අලුත් වචන හඳුන්වා දෙයි. සිසුනට සිය ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කර ගන්නා කාලය පුරාම අලුතින් ඉගෙන ගත් වචන මාලා භාවිතා කිරීමට දිරිමත් කරනු ලැබේ. සෑම පාඩමකදීම ඔවුන් වචන මාලාව භාවිතා කරන ආකාරය අනුව සිසුන් ශ්‍රේණිගත කරනු ලැබේ.
අවසන් ඇගයීම මෙම අවසන් ශ්‍රේණිගත කිරීම ඔබේ දරුවාගේ ප්‍රතිඵල, පංතිකාමර සහභාගීත්වය සහ ගෙදර වැඩ සම්පූර්ණ කිරීම මත පදනම්ව සිදු කරනු ලැබේ.

වැඩිදුර දැන ගන්න