©

British Council

සඟරා: ඉගෙනීම සඳහා අත්වැලක්

නැවුම් සහ සිත්ගන්නාසුළු සඟරා ඔබේ දරුවා, අධ්‍යයන වර්ෂය පුරා ඉංග්‍රීසි භාෂාව හා සම්බන්ධ කර තබයි. 

සිත්ගන්නාසුළු, වයසට සරිලන මාතෘකා මත පදනම් වූ අපගේ සඟරා නිර්මාණය කරනු ලබයන්නේ අධ්‍යාපන විශේෂඥයින් විසින් වන අතර අපගේ ප්‍රයිමරි සහ සෙකන්ඩරි ප්ලස් පාඨමාලා අන්තර්ගත සහ අරමුණුවලට ආධාරක වේ.

සිසුන් සහභාගී කරවා ගැනීම සහ අනාගත කුසලතා වර්ධනය කර ගැනීම

  • නිර්මාණශීලීත්වය සහ පරිකල්පනය
  • නායකත්ව සහ පුද්ගල සංවර්ධනය
  • ගෝලීය පුරවැසිභාවය
  • විචාරාත්මක චින්තනය සහ ගැටළු විසඳීම
  • ඩිජිටල් සාක්ෂරතාව
  • සහයෝගීතාව සහ සන්නිවේදනය

නව කුසලතා සංවර්ධනය කෙරෙන අතරම, ළමුන් තමන් ගැනම සහ ඔවුන් වටා ඇති ලෝකය ගැන ඉගෙන ගන්නා විට ඔවුනට සිය අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමටත් ප්‍රශ්න ඇසීමටත් ඉඩ සැලසේ.

  • එක් එක් සඟරාව සැලසුම් කර ඇත්තේ ළමුනට සිය පුද්ගලික, සමාජීය සහ චිත්තාවේග සංවර්ධනයට උපකාරී වන ආකාරයට වේ.
  • ව්‍යාපෘති වැඩ මගින් නිර්මාණශීලීත්වය, විචාරාත්මක චින්තනය සහ සහයෝගීතාවය දිරිමත් කෙරෙන අතර, ඒවා මගින් 21 වන ශත වර්ෂයේ කුසලතා ද වර්ධනය වේ.
  • එක් එක් සිසුවාගේ කියවීමේ මට්ටමට සරිලන ආකාරයට අන්තර්ගතය සකස් කර තිබෙන අතර ඒවා විනෝදජනක, නොවිධිමත් රටාවකින් ඉදිරිපත් කර තිබේ. 
  • නවීන අන්තර්ගතය සහ යාවත්කාලීන පෙනුම මගින් සාම්ප්‍රදායික පාඨ ග්‍රන්ථවලින් ඉතාමත් දුරථස්භාවයක් පෙන්නුම් කරයි.

මාතෘකානුකූල පුවත් කථාන්තර හරහා ප්‍රබෝධාත්මක බව මතු කිරීම

සඟරාවල ලිපි සඳහා කරුණු ලබා ගන්නේ ලොව වටා ඇති සිදුවීම් සහ සම්ප්‍රදායන් අනුසාරයෙනි. සිත්ගන්නාසුළු මාතෘකා ගැන කියවීම්වලට අමතරව, කණ්ඩායම් සාකච්ඡා දිරිමත් කිරීමට සහ තාර්කික චින්තන කුසලතා වැඩිදියුණු කිරීම පිණිස අදහස් හුවමාරු කර ගැනීමට උපකාරී වන ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් ලබා දේ.

ක්‍රියාකාරකම් මගින් පහත දේවල් ද ආවරණය කෙරේ:

  • කථනය සහ උච්චාරණය
  • සවන්දීම, කියවීම සහ ලිවීම
  • ව්‍යාකරණ සහ වචන මාලාව.

ඉංග්‍රීසි පිළිබඳ ඔබේ දරුවාගේ ආත්ම විශ්වාසය ගොඩනඟන්න

සිසුන් විසින් සැබෑ ලෝකයේ කාර්යයන් ඉටු කරන අතර, කණ්ඩායම් ලෙස කටයුතු කරමින් එක් එක් අභියෝගය සඳහා හොඳින් පර්යේෂණය කරන ලද පිළිතුරු සහ නවෝත්පාදක විසඳුම් නිර්මාණය කරනු ලැබේ. මෙම සියලු දේ මගින් අපගේ සිසුනට ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් හුවමාරු කර ගන්නා විට ඔවුන් තුළ ආත්ම විශ්වාසයක් ජනිත කරවයි. 

සෑම ක්‍රියාකාරකමක් මගින්ම සිසුනට ඔවුන්ගේ වත්මන් මට්ටම තුළ ඇති කටයුතුවල නිරත කරවයි. සිසුන් තම සැබෑ ප්‍රගතිය දකින විට, ඔවුන්ගේ උනන්දුව තව තවත් වැඩි වේ.