සෑම learning hub එකකම මෙම මූලික මෙවලම් ඇතුළත් වේ
- අපගේ එක් එක් Primary Plus සඟරාවෙන් ලබා ගන්නා මුල් අන්තර්ගතයන්
- සිසුන් සහ දෙමාපියන් සඳහා ප්‍රගතිය පරීක්ෂණය කිරීමේ මෙවලම
- ඔබේ දරුවා පාඩම තුළ දී සිදු කළ දේවල් සහ පවරා ඇති ගෙදර වැඩ ආදී විස්තර ඔබට දැකගත හැකි සාකච්ඡා පිටුව. අපගේ සාකච්ඡා මෙවලම ඔබේ දරුවාට තම වැඩ ගැන ඇති ප්‍රශ්න ඇසීමට හැකි ආරක්ෂිත ස්ථානයකි. (පුද්ගලික ස්වභාවයක් ගන්නා ප්‍රශ්න සඳහා කරුණාකර විද්‍යුත් තැපෑල/ඊමේල් මගින් ගුරුවරයා හා සම්බන්ධ වන්න.)
learning hub එක ඔබේ දරුවාට උපකාරී වන ආකාරය නිරීක්ෂණය කරන්න
Primary Plus 1–2 |
Primary Plus 3–6 |
අන්තර්ක්‍රියාකාරී පුනරීක්ෂණ ක්‍රීඩා, ගීත සහ වීඩියෝ ඇතුළත්ව කොටස් පහක් |
එක් එක් සඟරාව තුළ පුහුණු වීම සඳහා කොටස් පහේ සිට හය දක්වා සංඛ්‍යාවක් ඇතුළත් වන අතර ඊට ව්‍යාකරණ, වචන මාලා, කියවීම, ලිවීම සහ සවන්දීම ඇතුළත් වේ. පංතිකාමරය තුළ කථන සන්නිවේදනය වැඩිදියුණු කිරීමට මෙම මෙවලම් භාවිතා කිරීමෙන් ඔබේ දරුවාගේ භාෂා කුසලතාවය වර්ධනය වේ. |
භාෂා අවබෝධය වැඩි කිරීම පිණිස බොහෝ විනෝදාත්මක ක්‍රියා
|
සෑම කොටසක්ම සම්පූර්ණ කිරීම සඳහා අභ්‍යාසයක් හෝ ව්‍යාපෘතියක් තිබේ. සමහර ඒවා සඳහා පංතියේ දී ගුරුවරයාට පෙන්වීම පිණිස දරුවාට සටහන් පොතක වැඩ කිරීමට සිදුවන අතර, තවත් සමහර ඒවා ගුරුවරයාගේ ඇගයීම සඳහා ඔන්ලයින් හරහා ඉදිරිපත් කිරීමට සිදුවේ. |
Learning Hub එක ඔබේ යොවුන් දරුවාට උපකාරී වන ආකාරය නිරීක්ෂණය කරන්න
Secondary Plus සහ Upper Secondary Plus |
එක් එක් සඟරාව තුළ පුහුණු වීම සඳහා කොටස් පහක් ඇතුළත් වන අතර ඊට ව්‍යාකරණ, වචන මාලා, කියවීම, ලිවීම සහ සවන්දීම ඇතුළත් වේ. පංති වේලාව තුළ දී කථා කිරීම ද පුහුණු කරනු ලැබේ. |
සෑම කොටසක්ම සම්පූර්ණ කිරීම සඳහා අභ්‍යාසයක් හෝ ව්‍යාපෘතියක් තිබේ. මහර ඒවා සඳහා පංතියේ දී ගුරුවරයාට පෙන්වීම පිණිස දරුවාට සටහන් පොතක වැඩ කිරීමට සිදුවන අතර, තවත් සමහර ඒවා ගුරුවරයාගේ ඇගයීම සඳහා ඔන්ලයින් හරහා ඉදිරිපත් කිරීමට සිදුවේ. |
Learning Hub එක වෙත ලොගින් වන්න
තාක්ෂණික අවශ්‍යතා
- වඩා හොඳ ප්‍රතිඵල සඳහා පරිගණකයක්, ලැප්ටොප් එකක් හෝ ටැබ්ලට් එකක් භාවිතා කර අපගේ learning hub එක වෙත පිවිසෙන්න.
- එසේම ඒ සඳහා හොඳ අන්තර්ජාල හෝ Wi-Fi සම්බන්ධතාවයක් ද අවශ්‍ය වේ.
පද්ධති අවශ්‍යතා ගැන වැඩිදුර කරුණු දැන ගන්න.