නව අදහස්, ඉගැනුම් සඳහා පුස්තකාල සහ අධ්‍යාපන අවස්ථා ලබාදීම පිළිබඳව සඳහා ලොව පුරා දීර්ඝ ඉතිහාසයක් බ්‍රිටිෂ් කවුන්සිලය සතුය.
නිරන්තර ඉහළ යන 75,000 කට අධික පොත් මෙන්ම 110,00 කට වැඩි විද්‍යුත් පොත් සහ 14,000 කට ආසන්න විද්‍යුත් සගරා පරිශීලනය කිරීමේ හැකියාව අප සතුය.
බ්‍රිටිෂ් කවුන්සිලයේ පුස්තකාල සාමාජිකයකු වී විද්‍යුත් සඟරා සහ පොත්, නැවත භාරදෙන ලෙස පොත් ලබාගැනීමට අවස්ථාව, DVD සහ පුස්තකාලයේ ඇති ඕනෑම පරිගණකයකින් අන්තර්ජාලයට පිවිසීම සඳහා පහසුකම් නොමිලේම ලබාගන්න. මෙම සාමාජිකත්වය මගින් උත්සව, වැඩසටහන් සහ වැඩමුළු ඇතුළුව වැඩසටහන් වලට සම්බන්ධ වීමට ඔබට අවස්ථාව සැලසේ.
කොළඹ, ඔරියන් සිටි (කොළොඹ 09), නුවර හෝ යාපනයේ පිහිටි අපගේ ඕනෑම පුස්තකාලයක් සමග සම්බන්ධ වෙමින් අපගේ අගනා දැනුම් සම්පත් සමගින් ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න.
ඔබගේ ඉගෙනුම් හා තොරතුරු අවශ්‍යතා සඳහා අපි සාමාජිකත්ව කාණ්ඩ හතක් ඉදිරිපත් කරන අතර ඒ හා සම්බන්ධ වීම ඉතා පහසු කාර්යයකි. අපගේ ඉංග්‍රීසි භාෂා මධ්‍යස්ථානයකින් මේ සඳහා වූ පෝරමය පුරවා ඔබට වඩාත් ගැලපෙන සාමාජික කාණ්ඩයක් තෝරා ගන්න.
ඔබට අවශ්‍ය සාමාජිකත්වය ලබාගැනීම සඳහා:
- සම්පූර්ණ කළ සාමාජික අයදුම්පත
- හඳුනාගැනීමේ සහතිකය (ජාතික හැදුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයක්).
වයස අවුරුදු 11ට අඩු දරුවන් සැමවිටම දෙමාපියන්/භාරකරුවන්ගේ අධීක්ෂණයට ලක්විය යුතුය.
සාමාජිකත්ව වැඩසටහන් සඳහා වට්ටම ලබාදීම සම්බධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා 0117521521 අමතන්න.