Boy reading a book and smiling

ඔබත් කොළඹ බ්‍රිටිෂ් කවුන්සිලයේ පුස්තකාල සාමාජිකත්වය ලබාගෙන විද්‍යුත්-සඟරා, විද්‍යුත් පොත් ඇතුළු ඉහළ තත්ත්වයේ අන්තර්ජාල සම්පත් සහ නැවත භාරදීමේ ක්‍රමයට පොත් / CD / DVD වැනි ඕනෑම දෙයක් පුස්තකාලයේ ඇති පරිගණක වෙතින් අන්තර්ජාල පහසුකම් නොමිලේ ලබාගන්න. 

තරුණ ඉගෙනුම් මධ්‍යස්ථානය, ඉංග්‍රීසි ඉගෙනුම් කලාපය සහ නැවත භාරදෙන පොරොන්දුව මත පොත් ලබාදෙන අංශය ලෙසින් පුස්තකාලය ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ. අප සතු සඟරා, පොත්පත් බොහොමයක් සාමාජිකයින් තුළ ප්‍රියතාවයක් ඇතිකරවන අතර සාමාජිකයින්ට නොමිලේ හිමිවෙන අන්තර්ජාල පිරික්සුම් පහසුකම් අප සතු තවත් ජනප්‍රිය විශේෂාංගයකි.

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාදාමයට සහයෝගය දැක්වීම වෙනුවෙන් සිසුන්ට මෙන්ම විභාග අපේක්ෂකයින්ට නොමිලේ සාමාජිකත්වය ලබාදෙනු ඇත.

සිසුන්ට දැනුම් උල්පතක් බඳු වූ අපගේ පුස්තකාලයට පිවිස පහත දේ වෙනුවෙන් අවස්ථාව උදා කරගන්න

  • නිරන්තරයෙන් වර්ධනය වන 75000 කට වැඩි අන්තර්ජාල සම්පත් රැසක එකතුවක්
  • විවිධ විෂයයන් ආවරණය වන ආකාරයේ නවතම පොත් 50,000 කට අධික සංඛ්‍යාවක් 
  • ඔබේ ඉංග්‍රීසි භාෂාව වැඩිදියුණු කිරීමට සහ IELTS, කේම්බ්‍රිජ් ඉංග්‍රීසි, IGCSEs, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ඇතුළු කඩයිම් ගණනාවකට සූදානම් වීම සඳහා අවැසි දැනුම් සම්පත් 
  • CD සහ DVD පට රැසක එකතුවක් 
  • සුවිශේෂී ලෙස සැකසුණු වැඩමුළු, අවස්ථා සහ කියවීමේ ක්‍රියාකාරකම්

අපගේ පුස්තකාල එකතුව වෙත පිවිසෙන්න.

  • එක්වරක් ලියාපදිංචි වූ පසු, ඔබේ username සහ password භාවිතයෙන් පුස්තකාල එකතුවට පිවිසීමට අවස්ථාව උදාවේ.
  • ඔබට අවැසි පොත් පත් සහ ඉගැන්නුම් සම්පත් අන්තර්ජාලය ඔස්සේම පිරික්සා පොත් අලුත් කරගැනීමටත් ඔබ නැවත භාරදෙන පොරොන්දුව මත ලබාගත් පුස්තකාල සම්පත් පරික්ෂා කිරීමටත් නවතම පොත්පත් පිළිබඳව සොයා බලා ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමටත් අවස්ථාව උදාවේ.

අපගේ ඉංග්‍රීසි ඉගැනුම් සේවාව (ELS) සහ ළමා අංශය 

ඔබගේ තොරතුරු සහ ඉගැනුම් අවශ්‍යතා සඳහා සුවිශේෂිව සැකසුණු අංශ දෙකක් අපගේ කොළඹ පුස්තකාලය වෙතින් ඔබට පිරිනැමේ.

  • අපගේ ඉංග්‍රීසි ඉගැන්නුම් සේවාව (ELS) හරහා IELTS සහ කේම්බ්‍රිජ් වැනි ඉංග්‍රීසි විභාග සඳහා ඉංග්‍රීසි භාෂා ඉගෙනුම් සම්පත්, විමර්ශන අංශය සහ අවැසි ඉගැනුම් සම්පත් සපයයි. එසේම සිසුන්ට සිය ඉංග්‍රීසි සවන්දීමේ කුසලතාවය වර්ධනය කර ගැනීම උදෙසා සවන්දීමේ කුටිවලින් සමන්විත සේවාවක් ඉංග්‍රීසි භාෂා ඉගැනුම් සේවාවන් අතරට ඇතුළත්ය. මෙම සුවිසල් එකතුවට අමතරව පුස්තකාල සාමාජිකයන් මෙන්ම සාමාජිකයන් නොවන සැමට ඉංග්‍රීසි භාෂා ඉගැනුම් සේවාවන් මගින් පොත් සහ CD පට, විවිධාකාර වැඩමුළු, උත්සව අවස්ථා සහ ක්‍රියාකාරකම් මගින් තම දැනුම දියුණු කරගැනීමට අවස්ථාව උදාවේ.
  • අපගේ ළමා අංශයේ ඉංග්‍රිසි ඉගෙනුම ලබන ළමුන් සඳහා පරිගණක ප්‍රවේශය සඳහා අවස්ථාව හිමිවන අතර  15,000 කට අධික ළමා පොත් එකතුවකින් සමවිතය. කුඩා වයසේ සිටම දරුවන්ගේ කියවීමේ කුසලතාවය වර්ධනය කරමින් ජිවිත කාලය පුරා පොත පතට ආදරය කරන පිරිසක් බවට පත් කිරීමේ අරමුණෙන් කියවීමේ වැඩසටහන් සහ ආකර්ශනීය කතාන්දර කියවීමේ සැසි ඇතුළත් විවිධාකාරයේ වැඩමුළු දරුවන් වෙනුවෙන්ම නිර්මාණය වී ඇත. 

වයස අවුරුදු 11ට අඩු දරුවන් සැමවිටම දෙමාපියන්/භාරකරුවන්ගේ අධීක්ෂණයට ලක්විය යුතුය.

ආරම්භ වන වේලාවන් සහ ස්ථාන

කොළඹ පුස්තකාලය, නො.49, ඇල්ෆ්‍රඩ් හවුස් උද්‍යානය, කොළඹ 03 ස්ථානයේ පිහිටා ඇත. (එම ස්ථානයට අදාළ ගමන්මග ඇතුළත් සිතියම සඳහා මෙහි දක්වා ඇති ලින්ක් එකට පිවිසෙන්න)

ආරම්භ වන වේලාවන්

අඟහරුවාදා සිට සෙනසුරාදා:
09.00 - 18.00. 

ඉරිදා:
09.00 - 16.30.

අපගේ අයකිරීම්

ගෙවීම් සඳහා අදාළ දින ඉක්මවීම නිසා අය කෙරෙන ගාස්තු
එක් පොතකට - රු. 20  (දිනකට)
DVD එකක් සඳහා - රු. 50 (දිනකට)
එක් IELTS පොතකට - රු. 450 (දිනකට)
වෙනත් ගාස්තු
පොතක් හෝ DVD එකක්  වෙන් කර ගැනීම - රු. 25 (ඒකකයකට) 
නැතිවූ සාමාජිකත්ව කාඩ්පත මාරු කිරීම - රු. 500
පොත් වල barcode ගැලවී ඇත්නම්  - රු. 100 (එක් පොතක)
අහිමි / හානි වූ පුස්තකාල ද්‍රව්‍ය - භාණ්ඩයේ වටිනාකම අනුව ගණනය කරනු ලැබේ

ගෙවීම් සිදුකිරීම

ගාස්තු ගෙවීම් අඟහරුවාදා සිට සෙනසුරාදා දිනයන්හිදී පෙ.ව. 09.00 සිට ප.ව. 05.30 දක්වාත් ඉරිදා දිනයන්හිදී පුස්තකාල පරිශ්‍රයේදී පෙ.ව. 9.00 සිට ප.ව .4.00 දක්වාත් මුදල්, කාඩ්පත් හෝ චෙක්පත් මගින් සිදු කළ හැකිය. 

බාහිර සබැඳි