IELTS Coach සමඟ ඔබේ විදේශ ගමන ආරම්භ කරන්න. ඔබට 6.5 හෝ ඊට වැඩි IELTS band score එකක් ලබා ගැනීම අපි සහතික කරන්නෙමු.

ඔබේම අධ්‍යයන වැඩසටහනක් නිර්මාණය කරගන්න!

ඔබට වඩාත් ප්‍රයෝජනවත් කුසලතා සහ පන්ති මාතෘකා තෝරාගෙන ඔබටම ගැළපෙන අධ්‍යයන වැඩසටහනක් සකස් කරගැනීමට හැකියාව ඇත. වෙනත් විකල්පයක් ලෙස, අපගේ අධ්‍යාපන විශේෂඥයින් විසින්  IELTS සදහා සකස් කර ඇතිි පෙරනිමි අධ්‍යයන වැඩසටහනක්ද අනුගමනය කළ හැකිය.

ඉහළ IELTS ලකුණු ලැබීම සඳහා නිර්මාණය කළ විශේෂ පාඨමාලාවක්

අපගේ IELTS Coach පාඨමාලාව, සිසුන්ට විභාගයෙහි උසස් ලකුණු ලබා ගැනීම සඳහා අවශ්‍ය කුසලතා සහ උපාය මාර්ග පරිපූර්ණව මඟ පෙන්වීමේ අරමුණින් නිර්මාණය වී ඇත. IELTS ක්ෂේත්‍රයේ දක්ෂ, පළපුරුදු ගුරු මණ්ඩලයක් මගින් මෙය ඉගැන්වේ. මෙම පාඨමාලාව, භාෂා නිපුණතා වර්ධනය කිරීම, විභාග උපක්‍රම පළපුරුද්ද සහ නිවැරදි මඟ පෙන්වීම තුළින්, ඔබේ ඉලක්ක ලකුණුට ළඟා වීම සඳහා අවශ්‍ය සියලුම සහය සපයයි.

ඔබට සුදුසු IELTS Coach පාඨමාලාව තෝරන්න:

විෂයය IELTS Coach Academic IELTS Coach General Training
අරමුණු උපාධි/පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා සහ වෘත්තීය ලියාපදිංචි සඳහා. ඉංග්‍රීසි භාෂාව භාවිතා වන රටකට සංක්‍රමණය වීමට, රැකියා/පුහුණු අවස්ථා සඳහා.
ඉගැන්වීමේ අවධානය අධ්‍යාපනමය ඉංග්‍රීසි දක්ෂතා ඇගයීම. සමාජය සහ රැකියා පරිසරයන්හි භාවිත වන දිනපතා ඉංග්‍රීසි.
විභාග අන්තර්ගතය විශ්වවිද්‍යාල පරිසරයකදි ලැබිය හැකි පාඨයන් හා කාර්යයන්. පොත්, පුවත්පත්, දැන්වීම් සහ රැකියා සම්බන්ධ ලේඛන වැනි දිනපතා පාඨ.
ලිවීම  දෘශ්‍ය තොරතුරු විස්තර කිරීම (උදා: ග්‍රාෆ්, සටහන්, රූපරේඛා). ලිපියක් ලිවීම (ආචාරශීලී, අර්ධ ආචාරශීලී හෝ සාමාන්‍ය).
පෙරදැකුම් කොටස පොත්, සඟරා, දේශන වැනි අධ්‍යාපනමය පාඨයන්. දිනපතා ජීවිතය සහ රැකියා සම්බන්ධ අන්තර්ගතයන්.
සාමන්‍යයෙන් ඇසීම සහ කථනය පාඨමාලා දෙකටම පොදු වේ පාඨමාලා දෙපාඨමාලා දෙකටම පොදු වේ
වඩා සුදුසු වූයේ විශ්වවිද්‍යාල පිළිගැනීම්, වෘත්තීය සභා (උදා: වෛද්‍ය සභා) සංක්‍රමණය, විදේශ රැකියා හෝ පුහුණු වැඩසටහන්.

බ්‍රිතාන්‍ය කවුන්සිලයේ IELTS Coach පාඨමාලා ශිෂ්‍යයෙකු ලෙස ඔබට ලැබෙන වාසියන්:

  • ඔබේ ඉගෙනීමේ අත්දැකීම වඩාත් ගුණාත්මක කිරීමට අපගේ අධ්‍යයන විශේෂඥයින් විසින් නිර්මාණය කළ, විශේෂ  අධ්‍යයන ද්‍රව්‍ය හා සේවා ලබා ගන්න.
  • විශේෂඥ මඟපෙන්වීම සහ පරීක්ෂිත ක්‍රමවේදයන් සමඟ, ඔබට අදාල Band Score එකට ළඟාවීම සඳහා සම්පූර්ණයෙන්ම සූදානම් වන්න.
  • ඔබට වඩාත් ප්‍රයෝජනවත් කුසලතා සහ පංති මාතෘකා තෝරා ගනිමින් ඔබේම අධ්‍යයන සැලැස්මක් සාදන්න.

*නියමයන් සහ කොන්දේසි වලංගු වේ. 6.5ක Band Score එකක් නොලැබෙන සිසුන්ට IELTS Coach පාඨමාලාව එකවරයක් නැවත නොමිලේ අධ්‍යයනය කිරීමට හැකියාව ඇත.

කාර්ය විභජනය:

Listening:  ඔබට IELTS Listening  ප්‍රශ්නවලට නිවැරදිව පිළිතුරු දිය හැකි ලෙස පූර්ව අනාවැකි කිරීම, සමාන/විරුද්ධ වචන හඳුනාගැනීම, සහ වික්ෂේපක තොරතුරු හැසිරවීම වැනි උපායමාර්ග පිළිබඳව පුහුණුවක් ලබාදේ.
Reading:  IELTS Reading ප්‍රශ්නවලට මුහුණ දීමට ඉක්මනින් කියවීම, ඉක්මනින් සැකසුම සහ සමාන/විරුද්ධ වචන හඳුනාගැනීම වැනි කුසලතා සහ උපායමාර්ග භාවිතය පිළිබඳ උපදෙස් සපයනු ලැබේ.
Writing:  IELTS Writing Task 1 සහ 2 ඔබගේ ලකුණු ඉහළ නැංවීමේ අරමුණින් විශේෂිත අධ්‍යයන ක්‍රියාවලි සකස් කර අත. මෙම පාඨමාලාවේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය ව්‍යාකරණ සහ ශබ්දකෝෂ දක්ෂතා වර්ධනයද ඇතුළත් වේ.

මෙම පාඨමාලා විශේෂතා

අපගේ ශිෂ්‍යයන් සඳහා IELTS සූදානම සඳහා විකල්ප දෙකක් ලබා දේ

  • IELTS Coach Flexible – රැකියාව, අධ්‍යයනය හෝ ව්‍යාපෘති අතර සමන්විත කළ හැකි ආකාරයට ඔබේ කාලසටහනට යෝග්‍යව කෙරුණු, අභිරුචිගත කළ හැකි පාඨමාලා ක්‍රමයක් සොයන ඉගෙනුම්කරුවන් සඳහා නිර්මාණය කර ඇත.
  • IELTS Coach Modular/Fixed – පෙර සැලසුම් කළ පාඨමාලා ක්‍රමයකි, මෙහිදී ශිෂ්‍යයන්ට නිශ්චිත පියවරකට අනුව පාඩම් අනුගමනය කිරීමට සිදුවන නමුත් අවශ්‍ය පරිදි වෙන්කිරීම් සකස් කිරීමේ යම් නිදහසක් ඇත.

 මෙම විකල්ප දෙකේ විශේෂතා:

විශේෂය Flexible විකල්පය Fixed විකල්පය
විභාගයට සූදානම් විය හැක්කේ සති 4-6ක් ඇතුළතද? ඇත ඇත
ඔබට සුදුසු වේගයකින් ඉගෙනීමේ හැකියාව ඇත නැත
අභිරුචිගත කළ හැකි අධ්‍යයන වැඩසටහනක් සකස් කිරීම ඇත නැත
පෙර නිර්මාණය කළ අධ්‍යයන වැඩසටහනක් අනුගමනය කිරීම නැත ඇත
 සම්පුර්ණ පාඨමාලාව තුළ එකම ගුරුවරයාවෙන් ඉගෙනීම  නැත  ඇත    
ඔබ ව්‍යාස්ත නම් පන්ති දිනය/වේලාව වෙනස් කළ හැකිද? ඇත ඇත
 පන්තිපසු අන්තර්ජාල ක්‍රියාකාරකම්  ඇත ඇත   
ලිවීමේ ඇගයීම් ඇත ඇත
පුහුණු පරීක්ෂණ 4ක් ඇත ඇත

පාඨමාලා ගාස්තු

ස්ථාන: කොළඹ, මහනුවර සහ යාපනය
 * නිශ්චිත නියමයන් සහ කොන්දේසි අදාළ වේ

IELTS Academic

පැකේජය කාලය මිල
12 ක්‍රෙඩිට් (පංති) පැය 18 රු. 29,100
(පැයකට – රු. 1,617)
24 ක්‍රෙඩිට් (පංති) පැය 36 රු. 52,400
(පැයකට – රු. 1,455)
48 ක්‍රෙඩිට් (පංති) පැය 72 රු. 93,000
(පැයකට – රු. 1,292)

IELTS General Training

පැකේජය කාලය මිල
24 ක්‍රෙඩිට් (පංති) පැය 36 රු. 55,300
(පැයකට – රු. 1,536)
36 ක්‍රෙඩිට් (පංති) පැය 54 රු. 72,800
(පැයකට – රු. 1,348)

පංති කාලසටහන වෙනස්කම් කිරීමට ඇති හැකියාව

ඔබේ IELTS අධ්‍යයනය පාලනය කරන්න IELTS Coach සමඟ – කාලය සීමිත නමුත් ප්‍රභල සූදානමක් අවශ්‍ය ශිෂ්‍යයන් සඳහා නිර්මාණය කළ යෝග්‍ය පාඨමාලාවකි.

ඔබට අවශ්‍ය කොටස් මත අවධානය යොමු කරන්න – Listening, Reading, Writing හෝ Speaking – සහ ඔබේ කාලසටහනට ගැලපෙන පන්ති දිනය, වේලාව, ස්ථානය සහ ගුරුවරයා තෝරන්න.

අපගේ පහසු Onling Booking System (OBS) හරහා ඔබේ පන්ති පහසුවෙන් කළමනාකරණය කරන්න.

පරීක්ෂණ උපාය මාර්ග

IELTS Coach පාඨමාලාව ඔබට IELTS පරීක්ෂණයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය පරීක්ෂණ උපාය මාර්ග මත අවධානය යොමු කිරීමට උපකාරී වේ. ඔබට පරීක්ෂණ ආකෘතිය පිළිබඳව හැඳින්වීමක් ලැබෙන අතර, විවිධ කොටස් වලට කෙරෙන ප්‍රවේශය සම්බන්ධයෙන් ද ඉගෙන ගත හැකිය. බ්‍රිතාන්‍ය කවුන්සිලයේම සකස් කළ අධ්‍යයන ද්‍රව්‍යයන් සියලු ප්‍රශ්න වර්ග ආවරණය කරමින් වැදගත් උපදෙස් අඩංගු වේ. Cambridge English සත්‍ය පරීක්ෂණ පත්‍ර මඟින් ඔබට මෙම උපාය මාර්ග ක්‍රියාවට නංවා බැලිය හැකිය.

ඔබේ ඉගෙනීම උපරිම කිරීමේ ක්‍රම

IELTS විශේෂඥයන්

IELTS Coach යනු බ්‍රිතාන්‍ය කවුන්සිලයේ IELTS විශේෂඥයන් විසින් පවත්වනු ලබන පාඨමාලාවකි. උපාය මාර්ග සහ කුසලතා නිවැරදිව අයදුම් කර ඔබේ පරීක්ෂණ ප්‍රතිඵල හොඳින් වර්ධනය කිරීම සඳහා අපගේ IELTS විශේෂඥ ගුරුවරයා උපදෙස් ලබා දෙනු ඇත.

 වැඩිහිටි ඉංග්‍රීසි පාඨමාලා උපදේශන වෙන්කරගන්න

ඔබට සුදුසු පාඨමාලාව තෝරන්න.

Two students working on a task

IELTS සඳහා ඉංග්‍රිසි (පැය 40)

මෙම පාඨමාලාව සිසුන් දැනුවත් කිරීම උදෙසා ඉතා ගැඹුරු ලෙස සකස් වී ඇති අතර IELTS අධ්‍යයන විභාගය සඳහා අපේක්ෂකයින් මැනවින් සුදානම් කරයි. සති දහයක් ඇතුලත පැය 50 ක කාලසීමාවක් මෙයට ඇතුළත්ය.

A woman with her study materials

IELTS Coach: ප්‍රවීණයන් සමඟ මාර්ගගතව ඉගෙන ගන්න

IELTS පරීක්ෂණයේ සම-නිර්මාතෘ සමඟ සූදානම් වන්න. මාර්ගගත 1:1 සහ කණ්ඩායම් පන්ති මඟින් සම්පුර්ණයෙන් පුද්ගලාරෝපිත සූදානම් කිරීමේ පාඨමාලාවක්. 24/7 ලබා ගත හැක. ඔබට අවශ්‍ය ලකුණු ලබා ගන්න!