ටිමීගේ කථා සහ සෙල්ලම් කිරීම හරහා ඔගේ දරුවා පහසුවෙන් ඉගෙන ගනු ඇත

වයස අවුරුදු 3 සහ 5 අතර ඔබේ දරුවාට ඉංග්‍රීසි හඳුන්වා දීම ඔවුන්ට ස්වභාවිකව භාෂාව ඉගෙන ගැනීමට උපකාරී වේ.

බ්‍රිතානය කවුන්සිලයේ මුල් ළමා විය පිළිබඳ විශේෂඥයින් ටිමී සමඟ ඉගෙනීමේ අවකාශය විනෝදාත්මක හා ආකර්ශනීය ලෙස නිර්මාණය කර ඇත. අපගේ බලාපොරොත්තුව ඉංග්‍රීසි ඉගෙන ගන්නා අතරතුර ඔබේ දරුවාට නිර්මාණශීලීත්වය, විවේචනාත්මක චින්තනය සහ සමාජ කුසලතා ගොඩනගා ගන්නා ආකාරයද ඒ  තුලින් පෙන්වා දීමයි.

එය ඔවුන්ගේ විශ්වාසය වර්ධනය කර, සන්නිවේදන කුසලතා සහ හොඳ උච්චාරණයක් ගොඩනඟයි. ඒ ගැන තව දැනගන්න." උගන්වන ආකාරය.

අපි Aardman සජීවීකරණ චිත්‍රාගාර සමඟ සම්බන්ධ වී සිටින්නේ ඔවුන්ගේ ප්‍රසිද්ධ චරිතය වන Timmy සමඟ Timmy Time, ඔබේ දරුවාට ස්ථානෝචිතව නව වචන ඉගෙන ගැනීමට උපකාර වන බැවිනි. ටිමී සහ ඔහුගේ මිතුරන් ඔබේ දරුවාගේ පරිකල්පන ශක්තිය වැඩි කරන අතර, ඉගෙනීම වඩාත් ආකර්ෂණීය කරයි. මෙය ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාවෙන් ශක්තිමත් පදනමක් ලබා දෙමින් වඩාත් අමතක නොවන සහ උනන්දු කරවන අත්දැකීමකට මඟ පාදයි.

අපගේ ඉංග්‍රීසි විශේෂඥයන් සහිත ලෝකය සමඟ ඔබේ දරුවාගේ ඉගෙනීම වැඩි දියුණු කරන්න.

'ටිමී සමඟ ඉගෙනීමේ කාලය' පිළිගැනීමේ ඇසුරුම ලබා ගන්න

පාඨමාලා විශ්ලේෂණය

ස්ථානය: Pups - කොළඹ, Ducks and Owls - කොළඹ සහ යාපනය

ගාස්තුව:

උපන් වර්ෂය පාඨමාලාව   වාරය    මිල (LKR)
2021 Pups එක් වාරයක් 51,000.00
වාර දෙකක් 96,900.00
වාර තුනක් 137,700.00
2019 Ducks එක් වාරයක් 38,200.00
වාර දෙකක් 72,580.00
වාර තුනක් 103,140.00
2020 Owls එක් වාරයක් 38,200.00
වාර දෙකක් 72,580.00
වාර තුනක් 103,140.00

කාලය: පැය 1 විනාඩි 15, සතියකට වරක්.
ආකෘතිය: මුහුණට මුහුණ

වට්ටම්, වාරික ගෙවීම් සහ අනෙකුත් ගෙවීම් පිළිබඳ වැඩිදුර සොයා බලන්න

Find out more about discounts, instalment payments and other payment terms

වාර දින:
නිවේදනය කිරීමට නියමිතයි.

අමතර තොරතුරු 

  • ඔබ ලියාපදිංචි වූ විට පන්ති දින සහ වේලාවන් තහවුරු කරනු ලැබේ.

වයස - 3 ඔබේ දරුවා විසින්:

    • කතන්දර දැන ගැනීම, හොඳින් සවන් දීම, සහ අවබබෝධය පෙන්වීම.
    • ඉංග්‍රීසියෙන් වචන කථා කිරීමට විශ්වාසය ගොඩනඟා ගැනීම.
    • සමාජ කුසලතා, ඔවුන්ගේ පරිකල්පනය සහ ස්වයං ප්‍රකාශනය වර්ධනය කර ගැනීම.
    • ඉංග්‍රීසි භාෂාවේ සාක්ෂරතාව වර්ධනය කිරීම සඳහා පදනම ගොඩනඟා ගැනීම.

 

ඔවුන් මෙය ක්‍රියාත්මක කරනුයේ:

  • ඉංග්‍රීසි කථා වල ගිලී සිටීම, වැඩි අවධානයක් යොමු කිරීම, කතන්දර මතක තබා ගැනීමට සහ නැවත පැවසීමට හැකි වීම.
  • ඉංග්‍රීසි භාෂාවෙන් නව වචනවල තෙරුම සහ ශබ්ද ගබේෂණය කිරීම.
  • ඉංග්‍රීසි සරල පියවර අනුගමන මගින් පිළිතුරු දැක්වීම.
  • ගීත සහ ළදරු ගීත සමඟ සම්බන්ධ වීම, එහි ආකෘතිය විස්තර කිරීම සහ නිරායාසයෙන් ඉංග්‍රීසි කවි පද කීම.
  • තමන්ගේ ප්‍රකාශයකින් ඔවුන්ගේ චිත්‍ර සහ සිතුවම් වලට අර්ථයක් ලබා දීම.
  • අංක ඉදිරිපත් කිරීම, ඇඟිලි භාවිතා කිරීම, කඩදාසි හෝ පින්තුර මත ලකුණු කිරීම
  • නැටුම් සහ නාද ක්‍රිඩා සමඟ සම්බන්ධ වීම.

වයස - 4 ඔබේ දරුවා විසින්:

  • අන් අය සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් ඉංග්‍රීසියෙන් කථා කිරීම සහ ගායනා කිරීම පිළිබඳ විශ්සවාසය ගොඩනඟා ගැනීම.
  • ඔවුන්ගේ වචන මාලාව ගොඩනැගීම සහ වර්ධනය.
  • ඉංග්‍රීසි භාෂාවේ සාක්ෂරතාව වර්ධනය සඳහා අඩිතාලම දැමීම අඛණ්ඩව කිරීම.

ඔවුන් මෙය ක්‍රියාත්මක කරනුයේ:

  • ඉංග්‍රීසි භාෂාබවන් ඔවුන් ගැන ප්‍රකාශ කිරීම.
  • හෝඩිය කීම, 15 දක්වා ගණන් කිරීම සහ ක්‍රිඩාවේදී සංඛ්‍යා නම් වලින් කීම, සැමදාම වස්තුන්ගේ ප්‍රමාණයන් ගැන කතා කිරීම, උදා. 'ලොකු' සහ 'කුඩා'
  • පින්තූර  සහිත කථා වලට සම්බන්ධ වීම සහ ප්‍රධාන සිදුවීම් මතක තබා ගැනීම සහ පුරෝකථනය කිරීම.
  • ඉංග්‍රීසියෙන් හුරුපුරුදු ගීත හා කථා සමඟ සම්බන්ධ වීම සහ කථා ව්‍යුහගත වී ඇති ආකාරය පිළිබඳ දැනුවත් වීම.
  • භාණ්ඩ කාණ්ඩගත කිරීම සහ නම් කිරීම මගින් වචන මාලාව දිගු කිරීම.
  • ඔවුන් අඳින විට, ලියන විට සහ තීන්ත ආලේප කරන විට ඔවුන් තබන සලකුණු වලට අර්ථයක් ලබා දීම.
  • ඔවුන් ලිවීමට සූදානම් වන විට ඇඟිලි තුනකින් ලිවීමේ මෙවලම් අල්ලාගෙන සිටියි.
  • ඔවුන්ට අර්ථ නිරූපණය කිරීමට සහ පැහැදිලි කිරීමට හැකි ලකුණු භාවිතා කරමින් ගණන් කිරීම සහ පටිගත කිරීම.
  • සමානකම්, වෙනස්කම්, අලංකාරය සහ විවිධත්වයන් දෙස බැලීම.
  • 15 දක්වා සංඛයා හඳුනා ගැනීම, කියවීම සහ ක්‍රිඩාවේදී සමහර සංඛයා නම් උච්චාරනය නිවැරදිව කිරීම.
  • යම් ස්ථාපිත භාෂාවක් තේරුම් ගැනීම සහ භාවිතා කිරීම.

වයස - 5 ඔබේ දරුවා විසින්:

  • කතන්දර සමඟ සෙල්ලම් කිරීමෙන් වාක්‍ය ඉංග්‍රීසියෙන් කථා කිරීමට විශ්වාසය වැඩි කර ගැනීම.
  • නිර්මාණශීලීත්වය වර්ධනය කර ඔහුගේ/ඇයගේ අදහස් ප්‍රකාශ කිරීම.
  • ප්‍රාථමික මට්ටමට සූදානම් වීමේ දී කියවීම සහ ලිවීම ආරම්භ කිරීම සඳහා සාක්ෂරතා කුසලතා වර්ධනය කිරීම.

ඔවුන් මෙය ක්‍රියාත්මක කරනුයේ:

  • හුරුපුරුදු කථා විස්තර කිරීම, අනුකරණය කිරීම සහ වෙනස් කිරීම.
  • කතන්දර සොයා ගැනීම සහ ඒවා කලාව, නාටය, නැටුම්, ක්‍රියාකාරකම්, තොරතුරු තාක්ෂණය හෝ ලිවීම හරහා ප්‍රකාශ කිරීම
  • තමන්ගේම හැඟීම් ගැන දැනුවත් වීම සහ ඒවායින් සමහර හැඟීම් විස්තර කිරීම.
  • ඔහු/ඇය විස්තර කිරීම, හැකියාවන් හඳුනා ගැනීම සහ කැමැත්ත සහ අදහස් ප්‍රකාශ කිරීම.
  • හඳුනාගත හැකි අකුරු සෑදීම සහ කෙටි වාකය ලිවීමට උත්සාහ කිරීම.
  • වස්තූන් කාණ්ඩගත කිරීම සහ නම් කිරීම මගින් වචන මාලාව දිගු කිරීම.
  • ශබ්ද අකුරු වලට සම්බන්ධ කිරීම, සරල වචන වලින් ශබ්ද ඛණ්ඩනය කිරීමට පටන් ගෙන කියවීමට ඒවා එකට මිශ්‍ර කිරීම.
  • අංක හඳුනා ගැනීම සහ 20 දක්වා ගණන් කිරීම.
  • කණ්ඩායම් දෙකකින් හෝ තුනකින් භාණ්ඩ ගණන් කිරීම, සහ ඔවුන්ට අර්ථ නිරූපණය කළ හැකි සහ පැහැදිලි කළ හැකි ලකුණු භාවිතයෙන් ඒවා පටිගත කිරීම.
  • කතන්දර වල හුරුපුරුදු සිදුවීම් සහ එදිනෙදා කාර්යයන්හි හුරුපුරුදු පියවර පෙළගැස්වීම.
  • ක්‍රිඩා කරන විට භූමිකාවන් සහ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීම.