සාර්ථකත්වය සඳහා අවශ්‍ය ඉංග්‍රීසි කුසලතා
අපගේ Secondary Plus පාඨමාලාව නව යොවුන් වියේ දරුවන්ට දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ විශ්වාසය දැනීමට අවශ්‍ය කුසලතා උගන්වයි. ලෝකයට පා තබන ඔවුනට, ඉඩ ප්‍රස්ථා ගොඩනඟා ගනිමින් සිය සිහින කරා යාමට අවස්ථාව සැලසෙනු ඇත.
සුදුසුකම්ලත් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ විශේෂඥයින්ගේ මඟපෙන්වීම යටතේ ලබා දෙන සුන්දර ඉගෙනුම් අත්දැකීම් මගින් ඔබේ දරුවාට තම පූර්ණ ශක්‍යතාවට ළඟා වීමට හැකියාව ලබා දේ.
සාමාන්‍ය පෙළන් පසු ඉංග්‍රීසි පාඨමාල - නව බඳවා ගැනීම්
- කාලසීමාව - 2024 ඔක්තෝබර් 28 සිට දෙසැම්බර් 20 දක්වා
- වයස් කාණ්ඩය - 2006 - 2008 උපන් වර්ෂය
- කාලය - පැය 40 | සති 8 | සතියකට පැය 5 යි
- ගාස්තු - රු. 60,000
- සීමිත ස්ථාන - දැන්ම ලියාපදිංචි වන්න.
තරුණ ඉගෙනුම ලබන්නන්ගේ වාර්ෂික වාර - Secondary Plus 11 - 14 (2011 - 2013 උපන් වර්ෂය) අවුරුදු සහ Upper Secondary අවුරුදු 15 - 17 (2008 - 2010 උපන් වර්ෂය)
Secondary Plus ( 2011 - 2013 උපන් වර්ෂය)
පාඨමාලා විශ්ලේෂණය
වාරය | පාඨමාලා කාලය | පන්ති ගණන | මිල (LKR) |
එක් වාරයක් | 32.5 Hrs | 13 | 61,300.00 |
වාර දෙකක් | 65 Hrs | 26 | 116,470.00 |
වාර තුනක් | 97.5 Hrs | 39 | 165,510.00 |
- කාලසීමාව: 2 hours 30 mins (සතියකට වරක්)
- වයස: අවුරුදු 11 – 14 දක්වා
Upper Secondary ( 2008 - 2010 උපන් වර්ෂය)
පාඨමාලා විශ්ලේෂණය
වාරය | පාඨමාලා කාලය | පන්ති ගණන | මිල (LKR) |
එක් වාරයක් | 32.5 Hrs | 13 | 61,300.00 |
වාර දෙකක් | 65 Hrs | 26 | 116,470.00 |
වාර තුනක් | 97.5 Hrs | 39 | 165,510.00 |
- කාලසීමාව: 2 hours 30 mins (සතියකට වරක්)
- වයස: අවුරුදු 15 – 17 දක්වා
ඉංග්‍රීසි පිළිබඳ කුසලතා සහ ආත්ම විශ්වාසය ගොඩනඟා ගනී
සමානාත්මතාවය අගයන අපගේ ඉගැනුම් පරිසරය තුළ නව යෞවනයින් හට නිදහසේ ඉගෙන ගත හැක. අපගේ ඉංග්‍රීසි භාෂා පාඨමාලාවලින් පහත දෑ දිරිගන්වනු ලැබේ:
- ඉංග්‍රීසි දෙවන භාෂාවක් ලෙස ඉගෙන ගෙන ස්ථාවර, ස්වාධීන සහ සංස්කෘතික වශයෙන් දැනුවත් ගෝලීය පුරවැසියන් බවට පත් වීමට
- ඔවුනට ඉංග්‍රීසි කතා කිරීමේ ආත්ම විශ්වාසය ලබා ගැනීමට උපකාරී වන ආකාරයට තම මත විවෘතව ප්‍රකාශ කිරීමට
- තමාගේ අදහස් ප්‍රකාශ කිරීම සහ නිර්මාණශීලී චින්තනය දිරිගන්වන ප්‍රායෝගික සහ අභියෝගකාරී කාර්යයන්හි නිරත වීමට
- සමාන භාෂා මට්ටමක සහ වයසක සිටින පංතියේ මිතුරන් සමග කණ්ඩායම් කටයුතුවල සහයෝගයෙන් යුතුව නිරත වීමට.
දෙමාපියන් දැන සිටිය යුතු දේවල්
පාඨමාලාව සිදු කරනු ලබන්නේ කෙසේ ද?
විශේෂඥ ගුරුවරුන් විසින් එක් එක් සිසුවාට මඟපෙන්වීම සහ උපකාර කිරීම සිදු කරන අතර නවීන ඉගෙනුම් ක්‍රම භාවිතා කර, විශ්වවිද්‍යාලය සහ සේවා ස්ථානය වැනි සැබෑ ලෝකය තුළ දී ඉංග්‍රීසි භාවිතා කිරීමට සිසුන් සූදානම් කරවයි.
නව යෞවනයන් සඳහා වන අපගේ ඉංග්‍රීසි භාෂා පංතිවල දී, සිසුන්:
- අන්තර් සහයෝගී ක්‍රියාකාරකම්වලට සහභාගී වෙයි
- කතාවට යොමුකරන පංතිවලින් විනෝදය ලබයි
- සුදුසුකම් සහිත ඉංග්‍රීසි ගුරුවරයෙකුගෙන් භාෂා කුසලතා වැඩිදියුණු කර ගනී.
ඉගෙනුම් මූලධර්ම මොනවා ද?
පාඨමාලා කාලය තුළ, ඔබේ නව යොවුන් දරුවා:
- පාසල් විභාගවල දී සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල දී සාර්ථක වීමට අවශ්‍ය කුසලතා ප්‍රගුණ කරයි
- පංතියේ මිතුරන් සමග සුහදශීලීව කටයුතු කර කණ්ඩායම් සහ නායකත්ව කුසලතා ගොඩනඟා ගනී
- අනෙකුත් සංස්කෘතිවලට අයත් සිසුන් සමග සිය නිර්මාණශීලීත්වය ගොඩනංවා ගනී.
ප්‍රගතිය මැන බලන්නේ කෙසේ ද?
බ්‍රිතාන්‍ය කවුන්සිලයේ දී, අපගේ සිසුනට වඩාත් හොඳ ඉගෙනුම් අත්දැකීමක් ලබා දෙනු පිණිස ඔබගේ අදහස්වලට සවන් දීමට අපි කටයුතු කරමු. පැමිණීම පිළිබඳ සහතික සහ ඔවුන්ගේ භාෂා කුසලතා ප්‍රගතිය සම්බන්ධ වාර්තා සමගින් අපි නිරතුරු ඔබ සමග සම්බන්ධ වේ.
- විධිමත් සහ නොවිධිමත් ඇගයීම් මෙම පාඨමාලා වැඩසටහනේම කොටස් වේ.
- පුද්ගලීකෘත ඔන්ලයින් ඩෑෂ්බෝඩ් ඔබට ඔබේ දරුවාගේ ප්‍රගතිය ගැන සොයා බැලීමට උපකාරී වේ.
පහත දැක්වෙන තොරතුරු සමගින් අධ්‍යයන වර්ෂය පුරා අපි ඔබගේ දරුවාගේ ප්‍රගතිය ඔබට පෙන්වන්නෙමු:
- ඔබේ දරුවා අධ්‍යයනය කළ සඟරා සහ ව්‍යාපෘති
- අන්තර්ජාතික CEFR ප්‍රමිති මත පදනම් වූ ව්‍යාපෘති කොටසේ ඇගයීමක්
- ඇගයීමට ලක් වූ කාලසීමාව පුරා ඔවුන්ගේ ප්‍රගතිය ඔබට පෙන්වන ප්‍රස්ථාරයක්.
වීඩියෝව නරඹා CEFR ප්‍රමිති ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න.
The Learning Hub සහ ඔබේ දරුවාගේ ප්‍රගතිය
අපගේ ඉගෙනුම් මධ්‍යස්ථානය යනු ඔබේ දරුවාට පන්තියට පෙර සහ පසු ස්වාධීනව සහ ඔවුන්ගේම වේගයකින් ඉගෙනීමට උපකාර වන ආරක්ෂිත වේදිකාවකි. මෙයින් අදහස් කරන්නේ පන්ති කාලය ඔවුන්ගේ ඉංග්‍රීසි කතා කිරීමේ සහ ඵලදායී කුසලතා වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි. දරුවන්ට තම ගුරුවරයා විසින් මඟ පෙන්වනු ලබන අමතර ක්‍රියාකාරකම් භුක්ති විඳිය හැකි අතර දෙමාපියන්ට ප්‍රගතිය පිළිබඳ දත්ත වෙත ප්‍රවේශ විය හැක. අපගේ මාපිය මධ්‍යස්ථානයෙන් වැඩි විස්තර දැනගන්න.