Person's hand holding a mobile phone

ජංගම දුරකථනය හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබත් කැමතිද? ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා අපගේ කෙටි පණිවුඩ සේවාව ඉක්මන් මෙන්ම පහසු ක්‍රමයකි.

බ්‍රිටිෂ් කවුන්සිලය සහ ජංගම අන්තර්ගත විශේෂඥයෙක් වන z-Messenger හා, එක්ව ඔබගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩිදියුණු කිරීමට උපකාරී වන කෙටි පණිවුඩ සේවාව සැපයීමට හවුල් විය. ශ්‍රී ලංකාවේ ඕනෑම ජංගම දුරකථන ජාලයක් සමග කෙටි පණිවිඩ සේවාව මගින් බ්‍රිටිෂ් කවුන්සිලයේ ඉංග්‍රීසි බස ඉගෙනීමට දැන් ඔබටත් හැකියි.

ඒ සඳහා  පහත දැක්වෙන උපදෙස් අනුගමනය කරන්න.

ලියාපදිංචි වූ පසු, ඔබේ ව්‍යාකරණ සහ වාග් මාලාව පුහුණු කිරීම් වෙත යොමුවීමට ඔබට හැකියි. විවිධ මාතෘකා ඔස්සේ ප්‍රාථමික මට්ටමේ සිට ඉහළ මට්ටම් දක්වා අත්‍යවශ්‍ය ඉගෙනුම් උපදෙස් ඔබට හිමිවනු ඇත.

ඔබගේ ජංගම දුරකථන ජාලය සමග අදම ලියාපදිංචි වෙන්න!

 

Etisalat

සේවාව ලබාගැනීම සඳහා  ENG ලෙස සඳහන් කර 3333 ට කෙටි පණිවිඩයක් යවන්න.

අය කිරීම්:
දින පහළවක් සඳහා රුපියල්. 25 ක් සහ බදු අය කෙරේ.

සේවාව අනවශ්‍ය නම් කරුණාකර STOP ලෙස සඳහන් කර 3333 ට කෙටි පණිවිඩයක් යවන්න.

Dialog

සේවාව ලබාගැනීම සඳහා BCE ලෙස සඳහන් කර 678 ට කෙටි පණිවිඩයක් යවන්න.

අය කිරීම්:
දවසකට රු. 2 ක් සහ බදු අය කෙරේ.

සේවාව අනවශ්‍ය නම් කරුණාකර OFF BCE ලෙස සඳහන් කර 678 ට කෙටි පණිවිඩයක් යවන්න.

Mobitel

සිංහල සේවාව ලබාගැනීමට: REG BCS ලෙස සඳහන් කර 2277 ට කෙටි පණිවිඩයක් යවන්න.

දමිළ සේවාව ලබාගැනීමට: REG BCT ලෙස සඳහන් කර 2277 ට කෙටි පණිවිඩයක් යවන්න.

අය කිරීම්:
පෙර ගෙවුම් සම්බන්ධතාවයක - දවසකට රු. 2 ක් සහ බදු අය කෙරේ.
පසු ගෙවුම් සම්බන්ධතාවයක - මසකට රු. 60 ක් සහ බදු අය කෙරේ.

සිංහල සේවාව නැවැත්වීමට: DEREG BCS ලෙස සඳහන් කර 2277 ට කෙටි පණිවිඩයක් යවන්න.

දමිළ සේවාව නැවැත්වීමට: DEREG BCT ලෙස සඳහන් කර 2277 ට කෙටි පණිවිඩයක් යවන්න.

Hutch

සේවාව ලබාගැනීම සඳහා BCE ලෙස සඳහන් කර 455 ට කෙටි පණිවිඩයක් යවන්න.

අය කිරීම්:
මසකට රු. 30 ක් සහ බදු අය කෙරේ.

සේවාව අනවශ්‍ය නම් කරුණාකර BCE DV ලෙස සඳහන් කර 455 ට කෙටි පණිවිඩයක් යවන්න.

Airtel

සේවාව ලබාගැනීම සඳහා ACT BC1 ලෙස සඳහන් කර 2277 ට කෙටි පණිවිඩයක් යවන්න.

අය කිරීම්:
දිනකට රු. 2 ක් සහ බදු අය කෙරේ.

සේවාව අනවශ්‍ය නම් කරුණාකර දේ DEACT BC1 ලෙස සඳහන් කර 2277 ට කෙටි පණිවිඩයක් යවන්න.