Using an ipad with LearnEnglish mobile apps
Using an ipad with LearnEnglish mobile apps

බ්‍රිටිෂ් කවුන්සිලයෙන් අන්තර්ජාලය හරහා නොමිලේ ඉංග්‍රීසි ඉගෙනීමට ලබාදෙන සම්පත් පිළිබඳව සොයාබලන්න.

ක්‍රියාකාරකම් සමඟ ඉංග්‍රිසි ඉගෙන ගන්න

වෙබ් අඩවි හරහා වැඩිහිටි සිසුන්ට නොමිලේ ඉංග්‍රීසි ඉගෙන ගැනීමට බ්‍රිටිෂ් කවුන්ලයෙන් අවස්ථාව හිමිවේ. පිටු සිය ගණනකින් සමන්විත මෙම වෙබ් අඩවියේ ශබ්ද, සටහන් සහ වීඩියෝ අන්තර්ගතයන් සහ අන්තර් ක්‍රියාකාරී අභ්‍යාස 2000 කට අධිකව ඇත. සාමාජිකත්වය ලබාගන්නා ඔබට වෙබ් අඩවිය හා සම්බන්ධ වන අනෙකුත් පරිශීලකයන් සමග සම්බන්ධ වෙමින් ඉගැනුම් කටයුතු කිරීමේ අවස්ථාව සැලසෙන අතර අවශ්‍ය තොරතුරු නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාවද පවතී. නිදහස් සම්පත් බාගැනීමට හැකිය.

 LearnEnglish වෙබ් අඩවියට පිවිසෙන්න.

ක්‍රීඩා සමගින් ඉංග්‍රීසි ඉගෙන ගන්න

ක්‍රිඩා හා විනෝදය මැද ඉංග්‍රීසි ඉගෙන ගන්න දැන් ඔබටත් හැකියි. ඔබේ කැමැත්ත පරිදි ඕනෑම විනෝදජනක, හාස්‍ය මුසු වූ ආකාරයන් සමගින් ඉංග්‍රීසි පුහුණු වීමට ඔබට අවස්ථාව හිමිවේ. ඒ වගේම චිත්‍රයට නැගු සිය ගණනකටත් වැඩි හාස්‍ය මුසු චිත්‍ර, ක්‍රීඩාව, විනෝදය සමගින් ඔබට විනෝදාත්මක වටපිටාවක් තුළ ඉංග්‍රීසි බස ඉගෙනීමට සහය වේ.

 LearnEnglish වෙබ් අඩවියට පිවිසෙන්න.

ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍යයන්ගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න

භාෂා පුහුණුව සඳහා ශ්‍රව්‍ය, දෘශ්‍ය ද්‍රව්‍ය විශාල සංඛ්‍යාවක් අප සතුය. මෙම වෙබ් අඩවිය සතුව ශ්‍රව්‍ය කතා මාලා, සෝප් ඔපෙරා (දෘශ්‍ය කතා මාලා) , බ්‍රිටිෂ් කවුන්සිලය BBC සමග නිෂ්පාදිත ඉංග්‍රීසි ඉගැන්නුම් වැඩසටහන් මාලාවන් සහ විවිධ අවස්ථාවන්හිදී නිවැරදිව අවශ්‍ය දේ ප්‍රකාශ කිරීම පිළිබඳව දැනුවත් කරන වීඩියෝ පට මෙම වෙබ් අඩවිය හරහා ඔබට හිමිවනු ඇත.

LearnEnglish වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබේ ජංගම දුරකතනයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න

බ්‍රිටිෂ් කවුන්සිලය ඉංග්‍රීසි ඉගෙනගන්නා ඔබ වෙනුවෙන්ම සකසා ඇති පුළුල් පරාසයක් තෙක් විහිදුණු මොබයිල් ඇප් iphone, ipad, nokia, Samsung, Ovi සහ Android ඇතුළු උපාංග රැසක් හරහා ඔබට සේවාව ලබාදීමට සුදානම්ය. මේ ඇප්වල ශ්‍රව්‍ය කතා මාලා, සෝප් ඔපෙරා (දෘශ්‍ය කතා මාලා), ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන්, ක්‍රීඩා සහ අභ්‍යාස උපකරණ විශාල ප්‍රමාණයක් ඇතුළත් අතර ඒවා සිසුන්ගේ ව්‍යාකරණ, වාග්මාලාව සහ උච්චාරණය වැඩිදියුණු කිරීමට සහය වේ. Learn English වෙබ් අඩවිය: Apps

දරුවන් සඳහා ඉංග්‍රීසි

Learn English දරුවන්ට විනෝදජනක ලෙස ඉංග්‍රීසි ඉගෙනගන්න. වයස අවුරුදු 5-12 අතර දරුවන් සඳහා විනෝදය පිරුණු අධ්‍යාපනික වෙබ් අඩවියකි. දරුවන්ගේ සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා විවිධාකාරව වාග්මාලාවන් සහ ව්‍යාකරණ, ක්‍රීඩා, ගීත, කතා, වීඩියෝ සහ ක්‍රියාකාරකම් රාශියක් මෙහි අන්තර්ගතය. පන්ති කාමරයෙන් පිටතදීත් තම දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා උපකාර කිරීමට අවශ්‍ය දෙමව්පියන් සඳහා Learn English වෙතින් ළමුන්, ගුරුවරුන් හා දෙමාපියන් යන සැවොම වෙනුවෙන් නොමිලේ මුද්‍රිත දැනුම් ගොනුවක් ලබාදෙනු ඇත.

Learn English ළමා වෙබ් අඩවිය

යොවුන් සිසුන් සඳහා ඉංග්‍රීසි

ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නා යෞවනයෙක්ද ? නැතිනම් ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්නා යොවුන්වියේ සිසුවෙක් හෝ සිසුවියක්ද? වයස අවුරුදු 13 සිට 17 දක්වා යොවුන් දරුවන් සඳහාම සුවිශේෂිව සැකසුණු Learn English වෙබ් අඩවිය හරහා භාෂා භාවිතය, විභාග සඳහා ඉඟි, ව්‍යාකරණ සහ වාග් මාලාව උසස් මට්ටමට ගෙන ඒමට අවැසි සහයෝගය, විනෝදාස්වාද ක්‍රියාකාරකම්, වීඩියෝ, ක්‍රීඩා සහ ප්‍රහේලිකා ඇතුළත් අතර සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කිරීමට මහත් රුකුලක් සපයයි.

Learn English යෞවනයන්ගේ වෙබ් අඩවිය

Premier Skills ඉංග්‍රීසි වෙබ් අඩවිය (පාපන්දු සමග ඉංග්‍රීසි ඉගෙන ගන්න)

ඔබ ඉංග්‍රිසි ඉගෙන ගන්නා පාපන්දු ලෝලියෙක් නම් Premier Skills මගින් Premier League සමාජය සහ ක්‍රීඩකයන් ගැන දැනුවත්වන අතරේම ඉංග්‍රීසි භාෂාව වැඩිදියුණු කර ගැනීමට අවස්ථාව උදා වේ. Premier League තරග සහ එහි නීති රීති ගැනත්, ක්‍රීඩා කිරීමට මෙන්ම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් හා සම්බන්ධ වීමටත් ඔබට හැකි ය.

Premier Skills ඉංග්‍රීසි වෙබ් අඩවිය