පහත සඳහන් සරල පියවර අනුගමනය කරන්න.
කොළඹ, මහනුවර සහ යාපනය ශාඛාවල පාඨමාලා සඳහා
පහත සඳහන් සරල පියවර අනුගමනය කරන්න
පියවර 1 - උපදේශනයක් සඳහා කාලය වෙන්කරවා ගන්න
- ඔබට ගැළපෙන නිවැරදි පාඨමාලාව තෝරාගැනීම සම්බන්ධව සහයවීමට, ඔබ විසින් අප සමග උපදේශනයක් වෙන්කරවා ගත යුතුය.
- ඔබේ උපදේශනය ඔන්ලයින් හරහා වෙන්කරවා ගත හැක, ඒ සඳහා ඔබට ගැළපෙන වේලාවක් සහ දිනයක් තෝරාගත හැකිය.
- උපදේශනය සඳහා ගාස්තුවක් අය නොවේ .
පියවර 2 - දැනුම් මට්ටම් පරීක්ෂණය සම්පුර්ණ කිරීම
- උපදේශනය සඳහා ඔබ කාලය වෙන්කරවාගත් පසු, මට්ටම පරීක්ෂණයට අදාල වැඩි විස්තර ඔබ වෙත ලැබෙනු ඇත.
- ඔබේ උපදේශනයට පෙර, මට්ටම පරීක්ෂණය සම්පූර්ණ කළ යුතු වන්නේ, එවිට ඔබට ගැළපෙන නිවැරදි පාඨමාලාව තෝරා ගැනීමට එය උපකාරී වන නිසාය.
- ඔබ දුරකථන උපදේශනයක් තෝරාගන්නේ නම්, ඔබට මට්ටම පරීක්ෂා කිරීම ඔන්ලයින් මගින් සිදුකරනු ඇත.
- ඔබ මුහුණට-මුහුණ ලා සිදුකරන උපදේශනයක් තෝරා ගන්නේ නම්, ඔබට අපගේ මධ්‍යස්ථානයක දී මට්ටම පරීක්ෂා කිරීමට යොමුවිය හැක. මෙසේ වෙන්කරගත හැකි කාල වේලාවන් ඉතාමත් සීමිත බව කරුණාවෙන් සලකන්න
පියවර 3 - ඔබගේ උපදේශනයට පිවිසෙන්න
- ඔබගේ පරීක්ෂණයේ ප්‍රතිපල මත පදනම්ව, ඔබේ උපදේශනයේ දී අපගේ විශේෂඥ උපදේශකවරයෙකු විසින් පාඨමාලා පිළිබඳව ඔබට ඇති විකල්ප සාකච්ඡා කරනු ඇත.
- උපදේශනය සඳහා විනාඩි 20ක පමණ කාලයක් ගතවනු ඇත.
පියවර 4 - පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වන්න
ඔබේ උපදේශනයෙන් පසුව, ඔබට පාඨමාලාව සඳහා ලියාපදිංචි වී, ගෙවීම් සිදුකිරීමේ හැකියාව ලැබේ.
ඔබේ උපදේශනය වෙන්කරවා ගැනීම සඳහා ඔබට සහාය අවශ්‍ය නම්, පාරිභෝගික සේවා නියෝජිතයෙකු වෙත ළඟා වීමට කරුණාකර අපගේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමේ මධ්‍යස්ථානය අමතන්න.