70, රැකා පාර චුන්ඩිකුලි යාපනය
Telephone number
+94 (0)70 7521 521
Telephone number
info.lk@britishcouncil.org

විස්තර

වායුසමනය කොට සුවපහසු ලෙස සැකසු අපගේ පන්ති කාමර ඉගෙනීම සඳහා සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් පරිපුර්ණය. තවද ඩිජිටල් වයිට්බෝඩ් තාක්ෂණය, ප්‍රොජෙක්ටර, DVD / CD ප්ලේයර සහ ඔබේ දරුවාගේ ඉගෙනුම් අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ශබ්ද පද්ධතියක් ද මෙහිදී යොදා ගැනේ. උපරිමව සිසුන් 20 දෙනෙකුට සහභාගී විය හැකි ප්‍රමාණයේ පන්ති කාමරවලදී සිසුන් සඳහා පාඨමාලා ක්‍රියාත්මක වේ.

වැඩිහිටි සිසුන් සඳහා වූ අපගේ පාඨමාලාවක් සඳහා ඔබ ලියාපදිංචි වී ඇත්නම් බ්‍රිටිෂ් කවුන්සිල් පුස්තකාලයේ ඉංග්‍රීසි ඉගෙනුම් සේවාවන්හි සාමාජිකත්වය නොමිලේ හිමි වන අතර නොමිලේ පුස්තකාල පරිශීලනයට අවස්ථාව සැලසේ, එමගින්

  • සිසුන්හට ස්වයං අධ්‍යයනය සමගින් ඉංග්‍රීසි පාඨමාලා ඉගෙනුම සඳහා අවැසි ඉගෙනුම් සම්පත් රැසක් හිමිය.
  • ඔබගේ පාඨමාලාවට සහාය වීමට අවශ්‍ය සම්පත් පිළිබඳව ඔබට මග පෙන්වීම සඳහා එක් එක් මට්ටම සඳහා ස්වයං අධ්‍යයන මාර්ග
  • ඉංග්‍රිසි භාෂා විභාග සඳහා නිර්දේශීත පොත්පත් පරිශීලනයට ඇති හැකියාව
staff member talking to customers

පවත්වන දිනයන් සහ ගාස්තු

පන්ති  ගාස්තු (යාපනය)
ඉංග්‍රීසි (පැය 50)  රු. 32500 
ඉංග්‍රීසි කථනය (පැය 25)  රු. 20000
IELTS කඩිනම් පාඨමාලාව (පැය 25) රු. 20000 
IELTS සඳහා ඉංග්‍රීසි (පැය 50) රු. 30500 
කුඩා ළමුන් සඳහා ඉංග්‍රීසි (අවුරුදු 6 - 15) රු. 22000 
ද්විතියික සිසුන් සඳහා ඉංග්‍රීසි පාඨමාලා (අවුරුදු 16 - 17) රු. 32500 

* අය කිරීම් වෙනස් විය හැකිය. 

වාරික ගෙවීමේ ක්‍රමය 

පන්ති  පළමුවන වාරිකය (ලියාපදිංචි අවස්ථාවේදී) දෙවන වාරිකය (5 වන සතිය වනවිට)
ඉංග්‍රීසි (පැය 50) (රු. 32,500) රු. 19,500 රු. 13,000
ඉංග්‍රීසි කථනය (පැය 25) (රු. 20,000) රු. 12,000 රු. 8,000
කුඩා ළමුන් සඳහා ඉංග්‍රීසි (අවුරුදු 6 - 15) (රු. 22,000) රු. 13,200 රු. 8,800

කොමර්ෂල් බැංකුවේ පහසු ගෙවීමේ සැලැස්ම

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත ඔබ සතු නම් 0% පොලී පහසු ගෙවීමේ සැලැස්ම හරහා ගෙවිය හැකිය. වැඩි විස්තර සඳහා අපගේ පාරිභෝගික සේවා අමතන්න.

වාර දින 2018

වාරය  දින 
පළමුවන වාරය 2018 ජනවාරි 17 - අප්‍රේල් 01 
දෙවෙන වාරය 2018 අප්‍රේල් 18 - ජූලි 01
තෙවන වාරය 2018 ජූලි 13 - සැප්තැම්බර් 20
සිව්වන වාරය 2018 ඔක්තෝබර් 07 - දෙසැම්බර් 15

ඇමතීම් විස්තර

දුරකථන ඇමතුම් සඳහා විවෘත වේලාවන් 

දවස්  විවෘත වේලාවන් 
සඳුදා - සෙනසුරාදා  08:30-17:30

ඉංග්‍රීසි පාඨමාලා මධ්‍යස්ථානය විවෘත දින හා වේලාවන් 

 

දවස්  විවෘත වේලාවන් 
බදාදා - ඉරිදා (ගෙවීම් සඳහා) 08:30-18:00
බදාදා - ඉරිදා (විස්තර ලබා ගැනීමට) 08:30-16:30

පුස්තකාල විවෘත දින හා වේලාවන් 

දවස්  විවෘත වේලාවන් 
බදාදා - ඉරිදා (විස්තර ලබා ගැනීමට) 08:30-17:30
බදාදා - ඉරිදා (ගෙවීම් සඳහා) 08:30-16:30

ලියාපදිංචිවීම

ඔබගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම පරික්ෂා කිරීම

ඔබ අප හා ලියාපදිංචිවීමට පෙර ඔබගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම පරික්ෂා කළ යුතු අතර එමගින් ඔබට සුදුසු පාඨමාලාව වෙත යොමු කීරීමට පහසුවනු ඇත. මේ සඳහා වේලාවක් වෙන් කර ගැනීමට 011-7521521 අමතන්න. එසේත් නැතිනම් අපගේ ඉගැන්නුම් මධ්‍යස්ථානය වෙත පැමිණ වේලාව වෙන් කර ගත හැකිය.

ඔබ පැමිණෙන විට පහත සඳහන් දේ රැගෙන එන්න.

වැඩිහිටියන් - ජාතික හැදුනුම්පත / විදේශ ගමන් බලපත්‍රය සහ රු. 1,000 (ආපසු ගෙවනු නොලැබේ)

තරුණ සිසුන් - උප්පැන්න සහතිකය සහ රු. 1,000 (ආපසු ගෙවනු නොලැබේ)

ඔබගේ ඉංග්‍රීසි දැනුම් මට්ටම පරික්ෂා කිරීමේ පරීක්ෂාව පාඨමාලාව ආරම්භ කිරීමට සති තුනකට පෙර පැවැත්වේ. ඉංග්‍රීසි දැනුම් මට්ටම පරික්ෂා කිරීමේ ඊළග පරීක්ෂාව පිළිබඳ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න.

පාඨමාලා සඳහා වූ පොත් මිලදී ගන්න

පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ පසු ඔබට අවශ්‍ය පොත මිලදී ගත යුතු අතර  එම පොත/පොත් යාපනයේ බ්‍රිටිෂ්  කවුන්සිල් ශාඛාවෙන් මිලදී ගත හැක.

ඔබගේ පන්තියේ මිතුරන් සහ ගුරුවරයා

ඔබේ පන්තියේ සිසුන් ගණන උපරිම 20 ක් පමණි. ඔබගේ ගුරුවරයා එක්සත් රාජධානියේ සුදුසුකම්ලත් වෘත්තිකයෙකු වේ.

එක්සත් රාජධානිය විවිධාකාර, බහු සංස්කෘතික සමාජයක් වන අතර ඉංග්‍රීසි භාෂාව අන්තර්ජාතික භාෂාවකි. අපගේ සියලු ගුරුවරුන් එක්සත් රාජධානියේ සුදුසුකම් ලත් ඉගෙනුම් සම්බන්ධ ඉහළ ගුණාත්මකබවකින් හා කාර්යක්ෂමතාවකින් යුතුවේ. අපගේ ඉගැනුම් ඉගැන්විම් ද්‍රව්‍ය සියල්ල එක්සත් රාජධානියෙන් වීම සිසුන් හට තම දැනුම මනා ලෙස වර්ධනය කර ගැනීමට විශාල පිටුවහලක් වනු ඇත.

පුස්තකාල සේවා සඳහා ප්‍රවේශය

ඔබ ඉගෙන ගන්නා විට හැකි තරම් ඉංග්‍රීසි බස භාවිත කිරීම කොතරම් වැදගත්දැයි අපි දන්නා නිසාම අපගේ සිසුන් සඳහා ඔවුන්ගේ පාඨමාලාවලට අදාළ පොත් පත් නිදහසේ පරිශිලනය කීරීමට අපගේ (විමර්ශන අංශය) පුස්තකාලයට නොමිලේ සාමාජිකත්වය ලබා දෙනු ඇත.

සඟරා, DVD, පුවත්පත් සහ පොත් 3000 කට අධික සංඛ්‍යාවක් තිබෙන අපේ ප්‍රධාන පුස්තකාලයට එක්වීමට ඔබට තීරණය කළ හැකිය. කථන පුහුණු සැසි, අධ්‍යයන කුසලතා වැඩමුළුවලට මෙන්ම  අපගේ කථන සමාජය සඳහා ද සහභාගී විය හැකිය. පුස්තකාල සේවා පිළිබඳ වැඩි විස්තර සඳහා අපගේ ශාඛාව වෙත පිවිසෙන්න.