©

British Council

අනෙකුත් රටවල සිසුන් සමග ඉංග්‍රීසි භාෂාව පුහුණු වීම

අපගේ ප්‍රයිමරි ප්ලස් සහ සෙකන්ඩරි ප්ලස් අත්දැකීම්වලින් 40කට වැඩි රටවල තරුණ සිසුන් 30,000කට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත සහ උපකාරශීලී ඉගෙනුම් පරිසරයක් තුළ එකට ඒකරාශී කෙරේ. සිසුනට ගෝලීය අත්දැකීමක් ලබාදීම සඳහා ඔන්ලයින් ක්‍රමයක් මගින් වෙනත් රටවල තිබෙන පංතිකාමර සමග සම්බන්ධ කිරීම සිදුකෙරේ.

බ්‍රිතාන්‍ය කවුන්සිලය ලබා දෙන මෙම අද්විතීය අත්දැකීම මගින් ඔබේ දරුවාට කථන කුසලතා භාවිතයට ගැනීමට ඉඩප්‍රස්ථාව සලසා දේ. විශේෂඥ භාෂා ගුරුවරුන් විසින් ඉගැන්වීම් සිදු කරන පංති තුළ දී සිසුන් සමවයස් සහ සම හැකියාවන් සහිත සිසුන් සමග අන්තර් ක්‍රියාකාරකම්වල යෙදෙන බැවින් ඉංග්‍රීසි ඉගෙන ගැනීමට වැඩිපුර පෙළඹවීමක් ද ඇති වේ.

අධ්‍යාපනය තුළ සංස්කෘතික දැනුවත්භාවය සංවර්ධනය කිරීම

මේවාට සහභාගී වන තරුණ සිසුන් සිය ආත්ම විශ්වාසය, සන්නිවේදන කුසලතා සහ වඩා ගැඹුරු සංස්කෘතික සාක්ෂරතාවක් වර්ධනය කර ගනී. 

එසේම ඔවුන් ඉංග්‍රීසි භාෂාව හරහා ලොව වටා සිටින පුද්ගලයින් සමග සම්බන්ධ විය හැකි ආකාරය දකින අතර ඔවුනට සැබෑ ජාත්‍යන්තර සම්බන්ධතා ගොඩනඟා ගෙන ගෝලීය ලෝකයක් සඳහා අවශ්‍ය ජීවන කුසලතා සංවර්ධනය කර ගැනීමට හැකි බැවින් ඔවුන් ප්‍රබෝධයට පත් වෙති.

විශේෂඥ ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබන මෙම අද්විතීය ඉගෙනුම් අත්දැකීම් මගින් පහත දේවල් හිමි වේ:

  • ඔබේ දරුවාට ඉංග්‍රීසි කථා කිරීමට නව ආත්ම විශ්වාසයක්
  • සැබෑ ලෝක සංදර්භයක් තුළ ඉංග්‍රීසි ඉගෙනීමට සහ භාවිතයට සැබෑ උත්තේජනයක්
  • සම්බන්ධ වන සියලු සිසුනට සුන්දර අත්දැකීමක්.